Featured

“ඔලු” හොදලා “පුක” හොදන්න ගිය මනුෂ මහින්දට එරෙහි මාධ්‍ය මෙහෙයුමක

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගි ඇති ජනතා බලවේගය මාධ්‍ය මෙහෙයුමක් හරහා මර්දණය කිරිමට ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තින්දුවක් ගෙන තිබේන බව මෛත්‍රී පිළේ බත්බැලයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

ඒ අනුව මෛත්‍රී පිළේ බොතල් පත්තර කාරයෙකු වන නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ පවුලට සම්බන්ධ ලක්බිම පුවත්පත සහ පසුගිය කාලයේ වෙබ් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ආණ්ඩුවෙන් මුදල් ගෙන පත්තර කඩ ආරම්භ කල කිහිප දෙනෙකු පසුගියදා මෛත්‍රීගේ නිළ නිවසට ගෙන්වා සංග්‍රහයක්ද පවත්වා පුවත් පවත්වාගෙන යැමට ඇති ගැටලු ගැන විමසා ඇති ඔහුන්ගේ අවශ්‍යතාවයන් සිය සහෝදරයා වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන හරහා විසදා ගන්නා ලෙසද සිරිසේන දැනුම් දි තිබේ.

මෙ අතර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ පවුලට සම්බන්ධ ලක්බිම පුවත්පත විදේශ රැකියා සුභසාධන නියෝජ්‍ය ඇමති මනුෂ නානයක්කාර මහතාගේ කොන්ත්‍රාත්තුවක් කිරිමට පටන්ගෙන තිබේ.මහින්ද සුළගින් මන්ත්‍රිකමක් ලබා ගත් මනුෂ නානයක්කාර මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරිමට එක් වි ලබා ගත් නියෝජ්‍ය ඇමති තනතුර රැක ගැනිම සඳහා එකාබද්ධ විපක්ෂයට එරෙහි මඩ ගැසිමට පටන් ගෙන ඇති අතර තමන් ලෙස මහින්ද සුළගින් මනිත්‍රිකමක් ලබා ගත් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු අට දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරිමට එක් වන බවට ප්‍රචාරය කිරිමට පටන්ගෙන තිබේ.

එහි මුලික පියවර ලෙස නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ පවුලට සම්බන්ධ ලක්බිම පුවත්පතේ සේවයකරමින් රැකියා සුභසාධන නියෝජ්‍ය ඇමති මනුෂ නානයක්කාර මහතාගේ මාධ්‍යලේකමි ලෙස කටයුතු කරන සංජය නල්ලපෙරුම හරහා එබව ප්‍රචාරය කිරිමයි. ඒ අනුව පසුගිය ඉරිදා ලක්බිම පුවත් පතේ ප්‍රධාන ශිර්ශපාඨය මහින්දගේ මන්ත්‍රි අටක් ආණ්ඩුවට යන්නයි.

මෙහි ඇති සදාචාරත්මක පළමු ගැට`ථව මාධ්‍යවෙියෙකු ලෙස සිට දේශපාලනයට පැමිණි මනුෂ මාධ්‍ය ආයතනයක් සේවය කරන අයෙකු මාධ්‍යලේකමිවරයෙකු ලෙස තබා ගැනිමයි.අනෙක් ගැට`ථව නියෝජ්‍ය ඇමතිවරයෙකුට මාධ්‍යලේකමිවරයෙකු නොමැති විමයි.

පසුගිය මහා මැතිවරණයෙදි යන්තම් මහින්ද වාදියෙකු ලෙස පෙනි සිටිමින් යන්තම් පාර්ලිමේන්තුවට පිවිසි මනුෂ පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ඇමතිකමක් ලබා ගැනිමට කටයුතු කර ඇත්තේද ඉතා ඉක්මනින්ම  මහින්ද පිළේ කිහිප දෙනෙකු මෛත්‍රී පිළට එකතු කරන බවට පොරොන්දුව පිටය.

SANJAYA

http://www.lankanewsweb.today/archives/7429

Top