Breaking
24 Feb 2025, Mon

කක්කකුස්ටාසි කටා මණුසත් දෙරණට තර්ජනය කරයි…!!!

යහපාලනය රජයෙන් කිසියම් හෝ සහනයක් ජනතාවට නොලැබෙන නිසා මහරගන්ම පිළිකා රෝහලට අවශය කර තිබූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මහරගම පිළිකා රෝහල මහජනතාවගේ සහය පැතීමට තීරණය කළ පසු ඊට මනුසත් දෙරණේද සහය ලැබීමත් සමග ඇරඹී උදාර ක්‍රියාන්විතයට දසදෙසින් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබියදී රුපියල් කෝටි 20ක මුදලක් ජනතා ඔබ විසින් ඒ සඳහා ලබා දී අවසන්ය.

මහරගම පිළිකා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය හඳුනා ගැනීමට හා පසුවිපරම් කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගැනීම සඳහා මහජනතාවගේ සහය පැතීමට එම රෝහල තීන්දු කළ අතර ඒ සමග අත්වැල් බැඳ ගැනීමට මනුසත් දෙරණ ද තීරණය කළේය.

ඒ අනූව මහරගම පිළි‍කා රෝහල සඳහා පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ උදාර අරමුණ වෙනුවෙන් මනුසත් දෙරණ ක්‍රියාන්විතයද උපරිම සහය ලබාදුන් අතර ඒ සඳහා සුවහසත් මෙත් සිත් ඇත්තන් සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දුන්නේය.

ඒ නිසාවෙන් මේ වන විට සුවහසක් ජනතාවගේ ආධාර උපකාර හමුවේ ලැබූ ජයග්‍රහණය යහපාලන පාලකයින්ට දරාගත නොහැකිවිය, එම නිසාවෙන් රජයේ කැබිනට් ප්‍රකාශක දෙරණ නාලිකාවේ ප්‍රධානීන්ට දුරකථනයෙන් අමතා පවසා ඇත්තේ ජනපති සිරිසේන නැමති රට පරගැත්තන්ට පාවාදුන් දැත් වලින් එම පෙට් ස්කැන් යන්ත්‍රය රෝහලට ලබාදෙන ලෙසයි.

සරල යැයි පැවසු තුප්පහි පාලකයෙක්ගේ සුරතින් එය කිරීමට විරුද්ධ වු විට තමුසෙලා ගැන අපි බලාගන්නම් යැයි පවසා දුරකථනය විසන්ධි කොට ඇත…මෙවැනි මිනිසුන් මිනිසුන්ද මිනිසුනේ…වඩාත්ම කණගාටුව රාජිත් නම් ඇමතිවරයා වර්ථමාන යහපාලන අණ්ඩුවේ සෞඛ‍ය ඇමතිවරයා වීමයි

හෙට දවසේ සුවහසක් හදවත්වල සතුට රන්දන්නට, ඔවුන්ට ජීවිතයක් දෙන්නට ඔබ දැරූ වෑයමට මනුසත් දෙරණ අපගේ උත්තමාචාරය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.