Breaking
25 Jan 2025, Sat

කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් රිෂාඞ් බදියුදීන් හැදු වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය

විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ ෂෙයික් හමාඞ් බින් පදනම නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඞ් බදියුද්දීන් විසින් ගොඩනගන වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය.

යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඞ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් පත‍්‍රවල සදහන් කරන පරිදි පළමු අදියරේදී සුන්නි මුස්ලිමුන් සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට සුන්නි මුස්ලිම් ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

වහාබ්වාදය නම් වූ අතිශය ප‍්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක‍්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත‍්‍රය පදනම් කරගෙනය.කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප‍්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. ISIS ත‍්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප‍්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත‍්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප‍්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වූ කුමන්ත‍්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත‍්‍රයාගේ ප‍්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති ජාතික ශූරාහ් සභාව නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

එසේනම් වහාබ් අන්තවාදයේ ප‍්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැුල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක‍්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද‍්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක‍්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප‍්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.(ලිපිය හා ඡායාරූප උපුටා ගැන්ම -කඩුව )

මේ අතර සෞදී අරාබියාවේ පුර්ණ දායකත්වය යටතේ යහපාලන රජයේ අනුග්‍රහයද යටතේ  Malike Abdullah University Collage නමින් මුස්ලිම් අන්තවාදි විශ්වවිද්‍යාලක් ඉදිකිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කියවන්න- යහපාලනය මුවාවෙන් නැගෙනහිර මුස්ලිම් අන්තවාදි විශ්වවිද්‍යාලක්

Wilpattu Jassim city Rishad bathiudeen (1) Wilpattu Jassim city Rishad bathiudeen (7) Wilpattu Jassim city Rishad bathiudeen (9) Wilpattu Jassim city Rishad bathiudeen (10) Wilpattu Jassim city Rishad bathiudeen (12) Wilpattu Jassim city Rishad bathiudeen (13) Wilpattu Jassim city Rishad bathiudeen (14)

Wilpattu Jassim city Rishad bathiudeen (2) Wilpattu Jassim city Rishad bathiudeen (3) Wilpattu Jassim city Rishad bathiudeen (4) Wilpattu Jassim city Rishad bathiudeen (6) Wilpattu Jassim city Rishad bathiudeen (11) Wilpattu Jassim city Rishad bathiudeen (15)

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.