Breaking
24 Jan 2025, Fri

කට වාචාල මහා ඇමති පරිස්සම් වෙනු…බස්නාහිර බලය තවමත් මහින්දට….

බස්නාහිර පලාත් සභාවේ බහුතර බලය තවමත් ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පාර්ශවයට බව බස්නාහිර පළාත් සභා සන්ධාන මන්තී‍්‍රවරු අවධාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කරන සන්ධාන මන්තී‍්‍රවරුන් 40කට අධික පිරිසක් පලාත් සභාව තුල සිටින බවයි.

බස්නාහිර පලාත් සභාවේ මන්තී‍්‍රධූර සංඛ්‍යාව 104කි. 2014 දී බලයට පත්වූ වත්මන් පලාත් සභාවේ සන්ධාන මන්තී‍්‍රවරුන් සංඛාව 56කි. මෙම මන්තී‍්‍රවරුන් අතර ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ඇතුඵ පක්‍ෂ වලින් පත්වූ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද වේ. සන්ධානයෙන් තරගවැද පත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරනු ලබන මන්තී‍්‍රවරුන්ගෙන් 40කට වැඩි පිරිසක් මහින්ද පාර්ශවය නියෝජනය කරති.

පාද යාත‍්‍රාවට සහාය පල කිරීම සදහා මෙම මන්තී‍්‍රවරු බත්තරමුල්ල නෙඵම් පෙදෙස පිහිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වූ අතර, ඊටද 40කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. පසුගිය දෙවෙනිදා බස්නාහිර පලාත් සභා ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර හමුව පැවැත්වුණේ කොළඹ ශ‍්‍රාවස්තියේ පිහිටි ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදීය. එහිදී මෙම මන්තී‍්‍රවරුන් මහ ඇමතිවරයාට පවසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා විවේචනය කරනු ලබන ඇමතිවරුන්ගේ අයවැය පරාජය කරන බවය. පලාත් ඇමතිවරුන් වන ලලිත් වනිගරත්න සහ රංජිත් සෝමවංශ යන මහත්වරුන් මෙම ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැුස්වීමට සහභාගී වී නොමැති අතර, ඊට විරෝධය පල කරමින් මන්තී‍්‍රවරුන් මේ බව අවධාරණය කර ඇත.

මෙරිල් පෙරේරා, ලලිත් එල්ලාවල, ආනන්ද හරිස්චන්ද්‍ර, සහන් ප‍්‍රදීප් විතාන, ප‍්‍රදීප් උදුගොඩ වැනි මන්තී‍්‍රවරු රැසක් මෙහිදී අදහස් පලකර තිබේ. අපි එක පාරකුත් මහින්ද මහත්තයව විවේචනය කරපු ඇමති කෙනෙකුගේ අයවැය පරද්දලා ඇමතිකමෙන් එලෙව්වා. ඔබතුමා වුනත් මහින්ද මහත්තයට මඩ ගැහුවොත් ඔබතුමාටත් ඔච්චරයි. මෙරිල් පෙරේරා මන්තී‍්‍රවරයා මෙහිදී පවසා ඇත.

ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ ගැටඵවලට විසදුම් ලබා නොදෙන ඇමතිවරු තව දුරටත් රකින්නේ නැතැයි ලලිත් එල්ලාවල මන්තී‍්‍රවරයා මෙහිදී සදහන් කර ඇත. නෙඵම් මාවතේ පැවති මාධ්‍ය හමුව පිලිබදව මහ ඇමතිවරයා මෙහිදී විරෝධය පල කර ඇති අතර, ඊට ප‍්‍රතිචාර දැක්වූ මන්තී‍්‍රවරුන් පවසා ඇත්තේ ඔබතුමා පක්‍ෂ මූලස්ථානයේ ප්‍රෙස් තියනවා. මහ ඇමති කාර්යාලයේ වෙනම තියනවා. ඔබතුමාගේ මතය කියනවා. ඉතිං අපි අපේ මතය කිව්වහම මොකද වෙන්නේ යැයි කියාය.

ඔබතුමා එක්ක අපි ඉන්නවා. ඔබතුමා එන්න කිව්වහම මෛතී‍්‍රපාල ජනාධිපතිතුමා හම්බවෙන්නත් අපි ගියා. හැබැයි අපි ඉන්නේ මහින්ද මහත්තය එක්කයි. පලාත් සභාවේ මන්තී‍්‍රවරු එක්ක නොහිටියොත් ඔබතුමා ගැන වුනත් අපිට තීන්දු ගන්න වෙනවා. මන්තී‍්‍රවරුන් මෙහිදී අවධාරනය කර තිබේ.

මේ අතර, මංජුල බුද්ධදාස මන්තී‍්‍රවරයාට කඩුවෙල නගර සභාවේ අධීක්‍ෂණ මන්තී‍්‍රධූරයක් ලබා දීම පිලිබදව මන්තී‍්‍රවරුන් මහ ඇමතිවරයාට විරෝධය පල කර ඇත. ප‍්‍රදීප් උදුගොඩ මන්තී‍්‍රවරයා මෙහිදී දැඩි ලෙස විරෝධය පල කර ඇති අතර, මෙරිල් පෙරේරා මන්තී‍්‍රවරයා පවසා ඇත්තේ බුද්ධදාසට මෙවැනි තනතුරක් දුන්නේ නම් පලාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් සියඵ දෙනාට මෙවැනි තනතුරක් ලබා දිය යුතු බවයි. මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු සිටින ප‍්‍රදේශවල අධීක්‍ෂණ මන්තී‍්‍ර කමිටුවක් පත් කරන ලෙස ඔහු යෝජනා කර ඇත. ඉසුර දේවපි‍්‍රය මහ ඇමතිවරයා සති දෙකක කාලයකින් මෙම ගැට`ඵව විසදීමට මෙහිදී පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් මන්තී‍්‍රවරුන් පවසන්නේ පසුගිය සදුදා (19) පැවති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් මුණගැසිමට  මහ ඇමතිවරයා නොපැමිනීම නිසා ඊට මෙතෙක් විසදුමක් නොලැබුණ බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.