Featured

“කඩවර බලකාය” ආණ්ඩුවට පැය 24ක් දෙයි-නීතිය අතට ගන්න දෙවරක් සිතන්නේ නෑ

පැය 24ක් යන්නට මත්තෙන් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් රණවිරු ප්‍රේමරත්න මහතාට වේදිකාවක් මතදී බැන වැදි අපහාස කල මුස්ලිම් අන්තවාදී නැගෙනහිර පළාත් මහ අමාත්‍ය නසීර් අහමඞ් ඉවත් කිරිමට හෝ ඔහු සම්බන්ධයෙන් අවම ක්‍රියාමාර්ගයක් හෝ ගැනිමට ආරක්ෂක අමාත්‍යංශයේ පයිප බාසුන්නැහේ හෙවත් පතොල ජනාධිපති සිරිසේනගේ චක් ගෝල ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කටයුතු නොකලහොත් රණවිරුවන් වෙනුවෙන් ඔහුන්ට අපහාස කල අධමයන්ට ජිවිතයෙන් වුවද වන්දි ගෙවිමට සුදානම් විය යුතු බව “කඩවර බලකාය” නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ජනවාරි 9 වැනිදා සිට මේ රටට උදාවු අදුරු මෙන්ම කොන්ද පණ නැති රාජ්‍ය පාලනය හේතුවෙන් අවස්ථා ගණනාවක අප රට මුදා ගැනිමට සිය ඇස්,මස්,ලේ පමණක් නොව තමන්ගේ පණද මේ මවුබිම මත හෙලු රණවිරුවන් කාණු සුද්ද කරන්නගේ ගණනට දැමිමට කටයුතු කරන අයුරු අප මහත් ආයාසයෙන් ඉවසිමෙන් යුතුව බලගෙන සිටියෙමු.

මව්බිමේ විජයග්‍රහණ සැමරුම පවා පාවාදුන් වත්මන් යහපාලන ආණ්ඩුව අවසානයේ එම ඓතිහාසික දිනය බෙදුම්වාදීන්ගේ “ජන සංහාර” සැමරුම බවට පත්කිරිමට ඉඩදී රණවිරු විජයග්‍රහණය ගංවතුරට දියකර හරින්නට කටයුතු කල හැටිද කකියන ලේයින් යුතුව බලා සිටියේ ඒ මොහොතේදිත් රණවිරුවන් මේ රටේ ගංවතුරෙන් අවතැන් වු සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව බේරා ගැනීමට ගන්නා උත්සහයන් දෙස බලමින් බව අප යහපාලන රජයට තරයේ අවධාරණය කරමු.

නමුත් තවදුරටත් මවුබිම වෙනුවෙන් සිය ජිවිත දන්දුන් රණවිරුවන් හට බෙදුම්වාදී රූකඩ පාහරයන්ගේන් එල්ල වන තර්ජනයන්,අපහාසයන්,නින්දිත පහරදිම් වැනි දේ දෙස බලමින් නිවටයන් ලෙස ජිවත් විමට 30 වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදීන්ගෙන් දුක්විදි ජනතාව සුදානම් නැති බවත් මවුබිම නිදහස් කර ගැනිමට ජිවිත පරදුවට තබා සටන් කළ මේ රටේ ජනතාව දෙවියන්ට මෙන් සලකන රණවිරුවන් වෙනුවෙන් ඔහුන්ට අපහාස කරන අධම ජඩයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට අසමත් වන්නේ නම් ඒ නීතිය සියතට ගැනිමට “කඩවර බලකාය” දෙවරක් නොසිතන බව තරයේම අවධාරණය කර සිටිමු.

ජාති මාමකත්වයෙන් මවුබිමට ලියන වගයි

“කඩවර බලකාය”

Top