Breaking
23 Feb 2025, Sun

කදිරගාමර් ඝාතනය අභිරහසක්‌ද?

වසර 15 කට පසු කදිරගාමර් ඝාතනය යළි මතු වී ඇත. එහෙත් අතීතය වසන් කළ හැකිද? කදිරගාමර් ඝාතනය වීමට වසරකට පෙර ප්‍රභාකරන්ගේ නිල කවියා වූ පුතුවායි රත්නතුරෙයි කවියක්‌ ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහි මෙසේ ද සඳහන් විය.

චන්ද්‍රිකා මග තොටේදී ප්‍රවේසම් වෙනු කවුරු කවුරුත් මග තොටේදී බෝම්බ තබති. කදිරගාමර්වත් බලාගනු

මෙම පසුබිම යටතේ 2005 අගෝස්‌තු 12 දා මැදියම් රාත්‍රියේ හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනය විය. කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් කොටි හිතවාදියකු වූ චාල්ස්‌ ඥානකෝන්ටද චෝදනා එල්ල විය.

කොටි ඔබව මරන්නේ නැහැ. මා ඔවුන්ගෙන් ඒ ගැන විමසුවා. යෑයි ඥානකෝන් විසින් කදිරගාමර්ට පවසා තිබුණි. එවකට ඥානකෝන් පදිංචිව සිටියේ වැල්ලවත්තේ හැම්ප්ඩන් පාරේ දෙමහල් නිවසකය.

එහෙත් පොලිසිය හෝ අපරාධ පරීක්‍ෂණ නිලධාරීහු ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත.

එසේ වුවත් එවකට කොළඹ බුද්ධි අංශයේ ප්‍රධානියකු ලෙස ක්‍රියා කළ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු ප්‍රමුඛ භට පිරිසක්‌ දෙහිවල නිවසක්‌ වටලා චාල්ස්‌ ඥානකෝන් හා ඔහුගේ ඕස්‌ටේ්‍රලියානු සගයන් වූ යුවලක්‌ අත්අඩංගුවට ගනු ලැබීය.

චාල්ස්‌ ඥානකෝන් අල්ලාගත් අවස්‌ථාවේ ඔහු සිනාසුණේය.

පුළුවන් නම් මාව සිරගෙට යවන්න. මොනාද වෙන්නේ කියලා උඹලා දන්නේ නැහැ යෑයි ඔහු පුරසාරම් දෙඩීය.

හමුදා බලධාරීහු ඔහුව දෙහිවල පොලිසියට ඉදිරිපත් කළහ. අපොයි අපට මෙයාව අවශ්‍ය නැහැ යෑයි පැවසූ පොලිස්‌ නිලධාරීහු ඇඟ බේරා ගත්හා.

අවසානයේ අපරාධ විමර්ශන කාර්යාලය වෙත ඥානකෝන් ඉදිරිපත් කරනු ලැබීය. අපිටත් මෙයා අවශ්‍ය නැහැ යෑයි එම කාර්යාලයේ නිලධාරීහු කියා සිටියහ.

කෙසේ වෙතත් හමුදාවේ මැදිහත්වීම මත චාල්ස්‌ ඥානකෝන්ව රහස්‌ පොලිසිය භාරයේ රඳවා තැබීමට නියෝග විය. රහස්‌ පොලිසියේදී චාල්ස්‌ ඥානකෝන්ට සියලු පහසුකම් ලැබුණි. විදුලි පංකාවක්‌ සහ පානය කිරීමට විස්‌කි බෝතලයක්‌ද ගෙන්වා ගැනීමට ඔහුට ඉඩ ලබා දී තිබුණි.

රහස්‌ පොලිසිය ඔහුට අත තැබුවේ නැත. ප්‍රශ්න කිරීමට පවා ක්‍රියා නොකෙරුණි. ඒ වන විට ප්‍රභාකරන් ජීවත්ව සිටියේය. මේ අතර චාල්ස්‌ ඥානකෝන් කදිරගාමර් නඩුවේ සැකකරුවකු බව කලින් ප්‍රකාශ කළ අපරාධ පරීක්‍ෂණ නිලධාරීහු අධිකරණයට පැමිණ ඔහු තමන්ට අවශ්‍ය නැතැයි කියා සිටියහ.

රහස්‌ පොලිසියෙන් නිදහස්‌ වූ ඥානකෝන් ශ්‍රී ලංකා රජයෙන් වන්දි ඉල්ලා නඩුවක්‌ද පැවරුවේය.

කදිරගාමර් ඝාතනයෙන් වසරකට පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ලන්ඩන් නුවරදී පැවසුවේ කදිරගාමර් එයාගේ ඉරණම විස¹ගත්තා යනුවෙනි.

මේ ප්‍රකාශ එදා ප්‍රචාරය විය. කොටි සන්ධානය ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට මුල්වූයේ කදිරගාමර් නිසා ප්‍රභාකරන් කදිරගාමර්ගෙන් පළිය ගත්තේය.

ඒ සඳහා ඔහු චාල්ස්‌ ඥානකෝන් එවා කොටි ඔබව මරන්නේ නැතැයි යන මතය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

කොටි එම ක්‍රමයම වසන්ත රාජා නැමැත්තා ලවා හිටපු ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙතද යොමු කළේය.

අපි ඔබගේ ස්‌වාමි පුරුෂයා වූ විජය කුමාරතුංගට ගරු කරනවා. ඒ නිසා කුමාරතුංග මහත්මිය කෙරේ අපේ වෛරයක්‌ නැහැ යෑයි බාලසිංහම් විසින් වසන්ත රාජාට පවසනු ලැබීය.

එහෙත් කොටි හිටපු ජනාධිපතිනියව කොළඹ පුරහල් භූමියේදී ඝාතනය කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ කළේය.

laksmank_2ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයෙන් පසු කොටි නිවේදනයක්‌ කරමින් තමන් ඊට සම්බන්ධ නැතැයි ප්‍රකාශ කරනු ලැබීය. එම ප්‍රකාශය කරනු ලැබුවේ කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවියෙනි.

මේ අතර ලක්‍ෂමන් කදිරගාමර් ඝාතනය සඳහා කොටි යොදා ගත්තේ හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ තලයසිංහම් හෙවත් තලෙගේ නිවසයි.

තලේසිංහම්ගේ නිවසේ උඩු මහලේ සිට එල්ල කළ දිගු දුර විහිදුම් අවියකින් ලත් ප්‍රහාරයෙන් කදිරගාමර් ඝාතනය විය. මේ ඝාතනය ගැන කොටි සංවිධානයේ චාල්ස්‌ මාස්‌ටර් හා කොටාමි මානිට චෝදනා එල්ල විය.

කොටින්ට සහය වීම සම්බන්ධයෙන් තලේසිංහම්ගේ නිවසේ උද්‍යාන සේවක මුත්තයියා සහදේවන් සහ ත්‍රිsරෝද රථ රියෑදුරකු වූ ආරියනාදන් බාබු අත්අඩංගුවට ගනු ලැබීය.

කදිරගාමර් නඩු විභාගය පැවැත්වෙන අතරේ අපරාධ විමර්ශන නිලධාරීහු අධිකරණය වෙත පැවසුවේ සිද්ධියට සම්බන්ධ සිව්දෙනෙක්‌ මියගොස්‌ ඇති බවයි.

කදිරගාමර් ඝාතනය සිදු වූ දින එනම් 2005 අගෝස්‌තු 12 දා දහවල් කාලයේදී ද්‍රවිඩ රූපවාහිනි නිවේදිකා රුලංගි සෙල්වරාජා සහ ඇගේ සැමියා වූ සින්න දොරෙයි සෙල්වරාජා ඝාතනය විය.

රුලංගි ඇගේ වැඩසටහන්වලින් කොටි සංවිධානය දැඩි ලෙස විවේචනයට ලක්‌ කරනු ලැබීය. ඝාතනය වූ දෙදෙනාම ප්ලොට්‌ සංවිධානයේ හිටපු සාමාජිකයන් යෑයි හෙළිවිය. වසර කීපයකට පසු ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන අංශයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හිලව්දින් අත්අඩංගුවටගත් කොටි චරපුරුෂයකුගෙන්ද හෙළිවූයේ කදිරගාමර්ගේ ඝාතනයට කොටි බුද්aධි නායක පොට්‌ටු අම්මාන්ගේ සම්බන්ධතාවයයි.

ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක අමිතර්ලිංගම් පවා ඝාතනය කළේ කොටි සංවිධානයයි. අපි ඊට සම්බන්ධ නැහැ. යෑයි කොටි සංවිධානය පවසා තිබුණි.

එහෙත් අමිර්තලිංගම්ගේ ආරක්‍ෂක පොලිස්‌ නිලධාරියා තැබූ වෙඩි පහරින් කොටි දෙදෙනකු මරුමුවට පත් විය. මේ කොටි ත්‍රස්‌තයන්ගේ සිරුරු මඩකලපුව වෙත ගෙන ගොස්‌ තිබේ. ආරක්‍ෂක හමුදාව වසර කීපයකට පසු මඩකලපුව කොක්‌අඩිචෝලෙයි ප්‍රදේශයේ දියත් කළ මෙහෙයුමකදී කොටි සුසාන භූමියක මිහිදන් කර තිබුණේ අමිර්තලිංගම් ඝාතනය කිරීමේ සිද්ධියේදී වෙඩි කා මළ කොටි දෙදෙනායි. මෙම අතීතය වසන් කළ හැකිද?

කීර්ති වර්ණකුලසූරිය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.