Anonymous Reporter

කපුවා කපෝති!

රූකඩ නටවන්නෙකු, පෙදරේරුවෙකු සහ වඩු වැඩ කර්මාන්ත ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර පසු කලෙක දේවාලයක කපුවෙකු වු අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාල හෙවත් ධම්මික බන්ඩාර යොදවා ගනිමින් රටේ ජනතාව ගෝනාට ඇන්දවිමට කුප්‍රකට මාධ්‍ය හිමිකරුවෙකු වන දිලිත් ජයවීර නැමත්තා ගත් උත්සහය කාලී දෙවියන් විසින් නිරුවත් කිරිමත් සමග දිලිත්ට එරෙහිව ආණ්ඩුවේන්ම අප්‍රසාදය පලවෙමින් තිබේ. News One දේශපාලන වාර්තාකරු සමග දුරකතනයෙන් සංවාදයට එක්වු වත්මන් රජයේ ප්‍රබල ඇමතීවරුන් කිහිප දෙනෙකුම දිලිත් හදුන්වා ඇත්තේ මැස්සාගේන් රජතුමා බේරා ගැනිම සදහා කඩුව අතට ගත් වදුරා ලෙසයි.

පසුගිය කාලසීමාවේ ධම්මික පැණීය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ගත් සෑම පියවරක්ම දිලිත්ගේ කීම මත ජනපති දුන් නියෝග බවයි ඔහුන් නොකියා කියා ඇත්තේ.

“ජනාධිපතිවරයාත් සමහර වෙලාවට ලගට ගන්නේ වැඩකට නැති මිනිස්සු .. අවසානයට අපි ජනතාව ඉස්සරහා ලැජ්ජාවට පත්වෙනවා..”

Covid19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ගෙන්වමින් කුප්‍රකට මාෆියාවක යෙදිමින් සිටි දිලිත්ගේ රෙදි ගැලවිමත් සමග එම නිරුවත් වසා ගැනිම සදහා ධම්මික වැනි ගෙවලයෙකු යොදවා ගන්නා බව සමාජ හමුවේ අනාවරණය කලද කෙලවරටම ගොස් කෙලවෙන තුරුම යමක් පිළිනොගන්නා ජාතියක් සිටින රටක මාධ්‍ය ඉදිරියේ රෙද්ද කඩා ගන්නා තුරු ඉවසීමෙන් සිටිම නුවණට හුරුය.

සමහරු වෙදාට අල්ලගෙන පහරදෙති. එය වැඩකට නැති වැඩකි.මන්ද ඔහු උපන්ගෙයි මොඩයෙකු බව බැලු බැල්මටම පෙනේ.පහරදිය යුත්තේ මොඩයන්ට රැගිමට වේදිකා තනන උන්ටය.නැතිනම් හෙට දවසේ මේ කුප්‍රකට මජර ව්‍යාපාරිකයන් තවත් නරියෙකු තින්ත ගා ජනතාව ඉදිරියට ගෙන එනු ඇත.

දිලිත් යනු කුප්‍රකට ජාවාරමකාර ව්‍යාපාරිකයෙකු බව නොරහසකි.ඔහුගේ එම ජාවාරම් අද වනවිට ජනාධිපති සෙවනැල්ල විසින් ආවාරණය කර තිබේ.ඒ නිසාම අද වනවිට රජාගේ ඇගේ මැස්සා වැසිමට නොදී කඩුව අතට ගෙන රජු රකින් වදුරාගේ චරිතයට පණ පෙවිමට දිලිත්ට අවස්ථාව ලැබී තිබේ.

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය අවස්ථාවේ පවා මාධ්‍ය ආචාර ධර්ම මුළුමනින්ම කෙලසමින් සිය නාලිකාවේ ම්ලේච්ඡත්වය පෙන්වු දිලිත්,නාගයා කැළණියට වඩම්මා පුද බිමත් කෙලසා අවසානයේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින භයානක වසංගතය සිය සක්කිලී මාධ්‍ය භාවිතාව වෙනුවෙන් යොදවා ගත් අතර අද වනවිට එයට ජනතාව පිළිතුරු දිම දෛවයේම සරදමකි.

එසේම ජාතිවාදය පෝෂණය කරමින් දකුණේ වෙසෙන සිංහල ජනතාව වෙත දමිල සහ මුස්ලීම් ජනතාව සම්බන්ධව භීතියක් සහ වෛරයක් ඇති කරවීම දිලිත්ගේ මිලේච්ඡත්වය මොනවට ප්‍රදර්ශණය කල අතර අද එය ඔහුන්ටම පාරාවලල්ලක් වි තිබේ.

රාජ්‍ය මාධ්‍ය අකර්මණ්‍ය කිරිමෙන් පසුව කරලියට ආ පෞද්ගලික මාධ්‍ය අද තමන් කවුද යන්න ඔහුන් විසින්ම කියනා තැනකට වැටි තිබේ. නයි නටවන,බෙහෙත් පෙරන නාලිකාව තමන්ගේ පුවත් විකාශ හදුන්වා ගන්නේ ‘ලංකාවේ විශ්වසනීයම සහ අංක 01 පුවත් විකාශය දෙරණ ටීවී පුවත් විකාශය’ යනුවෙනි. තොරාගත් නිවාස කිහිපයකින් ලබාගන්නා දත්ත අනුව ඔහුන්ට අවශ්‍ය පුද්ගලයන්ට හෝ ආයතන වලට සම්මාන ලබාදෙන ඔහුන් ඇතැම් විට සිතාගෙන ඇත්තෙ අති මහත් බහුතරය ගොන්නුන් කියා වන්නට බැරිය.

අවසානයේ ගරු අටමස්ථානාධිපති හිමියන්හට මෙන්ම සිරස නාලිකාවට පිංසිදුවන්නට කෑගල්ලේ හොර වෙදා රඟපෑ දිලිත්ගේ පැණි නාටකය අතරමඟ නවත්වන්නට සිදුවූ අතර පැණියෙන් ගොඩයන්න සිහින මැවූ දේශපාලක නලු කැලට අලුත් ස්ක්‍රිප්ට් එකක් සොයා ගැනිමටද සිදුව තිබේ. අවසානයේ දිලිත්ට එකක් කිවයුතුය දැන්වත් රටේ ජනතාවගේ මුදල් වංචා කර ගෙන්වු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල භාවිතා කර ටෙස්ට් එකක් කර ගැනිම නුවණට හුරු බවය.

රුපියල් 5ක් වියදම් කොට ආහාර වේලක් මිලදී ගැනීමට නොහැකි දිලිත් ජයවීර බිලියන 2කට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම මිලදී ගත්ත හැටි!

2011 වසරේ ඔක්තෝම්බර් මස 27 වනදා එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා වන TNL මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහ ඔහුගේ නීත්ඥවරයා වන සුදත් ජයසුන්දර සහ බාල සහෝදරයා වන චන්න වික්‍රමසිංහ සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී පොලිස් අධිකාරී ඩී.ආර්.එල් රණවීර හමුවී පැමිණිල්ලක් ගොනු කළා.

දෙරණ මාධ්‍ය ජාලය සහ ජොර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර සම්බන්ධයෙන් ශාන් වික්‍රමසිංහ සිය පැමිණිල්ල යොමුකරමින් විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය හදාරමින් සිටින සමයේදී රුපියල් 5 ක් වියදම් කොට ආහාර වේලක් මිලදී ගැනීමට නොහැකිව සිටි දිලිත් ජයවීර, ඉතා කෙටි කලෙකින් රුපියල් බිලියන 2ක් වියදම් කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ කොටස් මිලදී ගත්තේ කෙසේද?

එවකට ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවති නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ 51% ක කොටස් මිලදී ගැනීම සදහා දිලිත් රුපියල් මිලියන 500ක් ඉපයූවේ කෙසේද? යන ප්‍රධාන ප්‍රශ්ණ දෙක විමර්ශණය කරන ලෙස ඔහු එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පැමිණිල්ලක් යොමුකරමින් ඉල්ලා සිටියා.

එම පැමිණිල්ලේම සදහන් වන පරිදි දිලිත් ජයවීර සහ කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා එක්ව දිවැස ආයෝජන කලමනාකරණ සමාගම හරහා කොළඹ කොටස් වෙළඳපොලෙ කරන ලද ගණුදෙනුවලින් අයුතු ලාභ උපයා ඇත්දැයි විමර්ශණය කරන ලෙස දක්වා තිබේ.

2011 වසරේ සිට මේ දක්වා දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති නමුත් පැවති කිසිදු රජයක් මෙම චෝදනා සම්බන්ධයෙන් සාධාරණ විමර්ශණයක් සිදුකිරීමට අපොහොසත් වූ අහර කොටස් වෙළඳපොල ගණුදෙනු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ කෘතහස්ත රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටම සිය රැකියා ද අහිමි විය.

දිලිත් යනු කවුද? සාක්ෂී සහිත අනාවරණයන් පෙලක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.ඔබටද ඔබ දන්නා තොරතුරු අප සමග බෙදා ගැනිමට හැකියාව තිබේ.

Top