Breaking
22 Feb 2025, Sat

කපුවා කපෝති! විමර්ශන නතර කරන්න දේශපාලන බලපෑම්!

මහා විශාල හාස්කම් ප්‍රමාණයක් ඇති බවට විශ්වාස කරමින් දේශපාලකයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රභූ පන්තිය මෙන්ම සාමාන්‍ය ජනතාව ද වැල නොකැඩී පැමිණෙන උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැති කීර්ති කුමාර බටගොඩ ළමා අපචාර චෝදනා මත ඊයේ ( 10) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජපක්ෂ පවුලේ මෙන්ම විපක්ෂයේ ප්‍රබලයන් රැසක් අදාළ කපුවා සමග සමීප සබඳතාවන් පවත්වා ඇති අතර එ හේතුවෙන් මේ වනවිට විමර්ශන වලට බලපැම් එල්ල වෙමින් තිබේන බවයි වාර්තා වන්නේ. දැනට පොලිසියේ ප්‍රබලයන් රැසක් මෙන්ම විනිසුරුවන් කිහිප දෙනෙකුමද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බලපැම් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මැටරඹ සතර මහා දේවාලයේ ප්‍රධාන දේවගැති දේශමාන්‍ය(මුදලට ගත්) ආචාර්ය කීර්ති කුමාර බටගොඩ දේවගැතිතුමන් නමින් ප්‍රකට මෙම පුද්ගලයා කුඩා පිරිමි දරුවන් අපචාරයට පොළඹවාගෙන එම සිදුවීම් වීඩියෝගත කර අලෙවි කරන ජාවාරමක නිරත වී තිබේ.මේ වීඩියෝ පට ද විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කපුවා අවුරුදු 9 -12 අතර කුඩා පිරිමි දරුවන් 09 දෙනෙක් යොදා ගනිමින් අසභ්‍ය චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය කර පිටරට කාමුක වෙබ් අඩවි සඳහා අලෙවි කර ඇති බව විමර්ශන අංශ මේ වනවිට හෙළි කරගෙන තිබේ.මෙම කුඩා දරුවන් ජාඇල, වත්තල, කඩුවෙල, තිස්සමහාරාමය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අප්‍රසන්නම සිද්ධිය වන්නේ විශ්වයේ හාස්කම් අත්දකිමින් අධ්‍යාත්මික ගමනක යෙදෙන බව මාධ්‍ය ඔස්සේ පුලුල් ප්‍රචාරයක් ලබානෙ දේවියන්ගේ දූතයෙක් ලෙස පෙනී සිටි මෙම තැනැත්තා විසින්ම එම කුඩා දරුවන් ලිංගික අපචාරයට ලක් කරන ආකාරයේ වීඩියෝ චිත්‍රපට ඔහු විසින්ම නිර්මාණය කර තිබීමය.ඔහු සතු අතුරුගිරියේ සුඛෝපභෝගී නිවසක මෙන්ම, ඇඳන් නානාකාමර පහසුකම් සහිත ඔහු සතු අධි සුඛෝපභෝගී බස් රථයක් තුළ මෙම නොදරුවන් අපචාරයට ලක් කර තිබේ.

මෙම පුද්ගලයා අචාර්ය උපාධියක් සහිත විද්වතෙක් ලෙසත්, ජාතියේ ගෞරවයට ලක් වූ බවට ප්‍රකාශවන දේශමාන්‍ය ගෞරව සම්මාන ලාභියෙක් ලෙසත් දේශමාන්‍ය ආචාර්ය කීර්ති බටගොඩ ලෙස මාජය ඉදිරියේ පෙනී සිටියේය.පොලිස් විමර්ශකයන් මේ තැනැත්තාගේ ජංගම දුරකථනය වෝහාරික පරීක්ෂණයකට ලක් කර ඔහු වට්ස්ඇප් ඔස්සේ සිදුකළ සියලුම අපාචාර පොළඹවා ගැනීම් හෙළි කරගෙන ඇත.

ලැබුණ තොරතුරු මත පුරා මාස තුනක් තිස්සේ කරන ලද අතිශයින්ම සූක්ෂම තාක්ෂණික මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයා පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.මේ වනවිට ඔහු සතු විශ්වාස කළ නොහැකි වත්කම් ප්‍රමාණය සම්බන්ධව විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත.

ඩිෆෙන්ඩර් වර්ගයේ වාහන දෙකක්, ප්‍රාඩෝ වර්ගයේ වාහනයක්, BMW ඛාණ්ඩයේ වාහන දෙකක්, ඇඳන් නානා කාමර සහිතව සැකසූ අධි සුඛෝපභෝගී බස් රථයක්, අතුරුගිරියේ සුඛෝපභෝගී නිවස ඇතුළු මේ හෙළිකල නොහැකි වත්කම් සම්බන්ධව විමර්ශකයින් වෙනත් වටයකින් පරීක්ෂණ අරඹා ඇත.

මේ තැනැත්තා දේව වරම් සහිත අධ්‍යාත්මික උපදේශකයෙක් වීමට පෙර පුද්ගලික රෝහල සාත්තු සේවකයෙක් බව පොලිසිය කියයි. උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැතියා ලෙස හාස්කම් සහිත ශාන්තිකර්ම පටන් ගත් අවස්ථාවේ සිට රටේ ආරක්ෂක අංශවල සහ දේශපාලන අංශවල ප්‍රභූන් විශාල පිරිසක් ඔහුගේ අධ්‍යාත්මික රැකවරණය සොයා එම දේවාලයට නිරන්තව පැමිණ තිබේ.මේ හේතුව නිසාම මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් මොහොතේ සිට විශාල බලපෑමක් විමර්ශන අංශ වෙත එල්ල වී ඇතැයි වාර්තාවේ.

මිත්‍යාව වපුරා සල්ලි ගරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන…

මේ වන විට සමාජය තුල මිත්‍යාව වපුරන පුද්ගලයින් බොහෝ ලෙස දක්නට ලැබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හරහාද මිත්‍යාව වපුරන පුද්ගලයින් හට මුදලට ප්‍රසිද්ධිය ලබා දෙන්නේ කිසිදු වගකීමකින් තොරවයි.

එහිදී එම මාධ්‍ය ආයතනයේ කෙරෙහි විශ්වාසය තබන අහිංසක මිනිසුන්, වගකීමකින් තොරව ලබා දෙන ප්‍රචාරණයන් වලට රැවටී අදාළ මිත්‍යාව වපුරන පුද්ගලයින්ගේ රැහැනට අසුවන අතර අහිංසක මිනිසුන්ගේ මුදල් එලෙස කඩාවඩා ගැනීමට මාධ්‍ය වක්‍රව උපකාර කරනවා.

මිත්‍යාව වපුරා සල්ලි ගරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව හෙළිදරවුව ලගදිම බලාපොරොත්තු වන්න.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.