Breaking
22 Feb 2025, Sat

කරුංකා කන්ටේනරයට 5000$ බැගින් කප්පම් දිලා…. කප්පම් මුදල් සහ්රාන් කල්ලියටත්!  ශෂිගේ,ජයලත්ගේ කරුංකා ජාවාරම ගිය දුර.. 

Published on: Aug 19, 2020 – කරුංකා රට පැටවිමේ ජාවාරමට මුවාවෙමින් සහරාන් කල්ලියේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පරික්ෂණයක් ආරම්බ කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේ ජාවාරම පසුපස පැවැති රජයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ සහෝදරයන් දෙදෙනෙක් සිටින බවටද තොරතුරු අනාවරණය වි තිබුනා.

මේ රටට වැඩිම විෂ සහිත එතනොල් ප්‍රමාණයක් ගෙන්වන ව්‍යාපාරිකයන් වන එතනොල් ජයලත් ලෙස හදුන්වන ජයලත් පිරිස් නැමත්තා සහ දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සොහොයුරා වන ශෂි මුරලිදරන් විසින් මෙහෙයවා ඇති ලියාපදිංචි අංක PV 91112 දරණ චමත්කාර හොල්ඩිං (Chamathkar Holdings pvt Ltd) නැමති සමාගම විසින් ගෙන්වා අපනයන කටයුතු කර තිබේන අතර ඒ වෙනුවෙන් එක් කන්ටේනරයක් සදහා ඇමරිකානු ඩොලර් 5000ක කප්පම් මුදලක් ලබාදි තිබේ. අදාල කප්පම් මුදල ලබාදි ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් හට බවද දැනට සිදුකෙරෙන පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

රිෆ්ඛාන් බදියුදීන් පාස්කු ප්‍රහාරයෙ කුමන්ත්‍රණකරු මෙන්ම මහ මොළකරු වන තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දි මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උදවු කර තිබේන බවද පසුගියදා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් අනාවරණය කර තිබුනා. අදාළ කරුංකා ජාවාරම හරහා ලබාගත් මුදල් මෙම අන්තවාදි ත්‍රස්ත කණ්ඩායම් සදහා යොදවා ඇද්ද යන්න මේ වනවිට සිදුකරන පරික්ෂණ හරහා සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.

කොමර්ෂල් බැංකුවේ නගර ශාඛාවේ ඇති Chamathkar hodings Pvt Ltd හි 1020024360 දරණ ගිණුම හරහා ද අවස්ථා ගණනාවකදී මෙම මුදල් ගෙවා තිබෙන බවද මේ වනවිට අනාවරණ වි තිබේ.

මේ අතර අත් අඩංගුවේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග එතනෝල් ජයලත් පැවැත්වු සම්බන්ධකම් සම්බන්ධයෙන්ද මේ වනවිට පරික්ෂණ ආරම්භ කර තිබේන බවද දැනගන්නට තිබේ.

කරුංකා ජාවාරම පිටුපස එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ සහෝදරයන් දෙදෙනෙක්ද, හිටපු ඇමැතිවරයකුගේ පුතෙක්ද, ප්‍රබල ක්‍රීඩකයකුගේ සහෝදරයෙක් හා මීට පෙර අශ්වයන්ගේ පරිප්පු ජනතාවට කවා සිරගත වූ ජාවාරම්කරුවකුගේ බෑනා කෙනෙක්ද සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානය මෙහෙයවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ එවකට අනාවරණය සිදුකලද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයෙකු වන රෝහණ විජේවීරගේ චරිතය ඇසුරෙන් නිර්මාණය වුණු ගින්නෙන් උපන් සීතල සිනමා නිර්මාණය සදහා නිෂ්පාදන පිරිවැය චමත්කාර හොල්ඩිං දැරිමත් සමග එම අනාවරණය සියල්ලම යටගොස් තිබේ.

නව රජයේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු සමග එතනොල් ජයලත් ලෙස හදුන්වන ජයලත් පිරිස්

මුරලිදරන් ගේ සොහොයුරා වන ශෂි මුරලිදරන් සමග එතනොල් ජයලත්

සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන සමග එතනොල් ජයලත්

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.