LNN SPY

කරූ අගමැති සුට් එක යලි එලියට අදී….. මිරිගම නිවසේ ඇගමැතිකම ඇල්ලීමේ කුමන්ත්‍රණයක්!

Published on: Jan 20, 2018 –  කරු මේ දවස්වල රනිල්ට 11වැනි වතාවටත් පිහියෙන් අනිමින් සිටින බව වාර්තා වේ. අගමැති සිහිනය දෙවරක්ම බොඳකරගත්, පක්ෂ නායකත්ව සිහිනය වාර ගණනාවක්ම බොඳකරගත් කරු දැන් යලිත් අගමැති සිහිනය දකිමින් සිටින අතර  ඒ සඳහා මෛත්‍රී ජනපති අගමැතිකම වෙනස් කිරිමට කටයුතු කරන්නේ නම් ඒ  මුලට තමන්ගේ නම දමා ගැනිමේ කුමන්ත්‍රණයක.

පසුගිය දින කිහිපයකම අගමැති රනිල් සහ මෛත්‍රී අතර ඇතිවෙමින් තිබු විරසකය පසුපස සුපිරි හෝටල් සංකීර්ණයක සිට ක්‍රියාත්මක වු කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වු අතර එහි තවත් එක් පියවරක් ලෙස අද දහවල් සිට මිරිගම පිහිටි කතානායක කරු ජයසුරිය මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදි අවධාරණය කර ඇත්තේ වත්මන් අගමැතිවරය ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඒ සදහා තිබේන එකම විකල්පය බවට කරූ පත්කිරිම මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේ.

පැය ගණනක් පැවැති එම සාකච්ඡාව සදහා රනිල් විරෝධි සජිත් පිළේ කිහිප දෙනෙකුද සහභාගි වි ඇති අතර රනිල්ගෙන් පක්ෂ නායකත්වය ගලවා ගැනිම සදහා 2015දි ශ්‍රිලනිප මහ ලේකම්වරය මහින්දගෙන් ගලවා පොදු අපේක්ෂකයා බවට පත්කර අද වනවිට ශ්‍රිලනිපය දෙකඩ කල අකාරයටම රනිල්ගෙන් එජාපය ගලවා එජාපය දෙකඩ කිරිමෙන් පසුව සජිත් -කරු වටා පක්ෂය එකරාශී කිරිම පහසුවෙන් කල හැකි බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

2005දී මහින්ද ජනාධිපති වෙලා ජාතික ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න එන්න කියලා කරුට ලියුමක් යැවු අතර කරු එදා ද හිතුවේ චන්ද්‍රිකා එක්ක ගහපු ගේම මෙදා මහින්ද එක්ක ගහන්න පුළුවන් වනු ඇති බවයි.ඒ අනුව යූ.ඇන්.පී. එකේ කොටසකුත් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවේ අගමැති වෙන්න කරු සැලැසුම් හැදු අතර අන්තිමේදී වැඩේ හරි යයි කියලා හිතලා 17 දෙනකුත් අරගෙන ආණ්ඩුවට ගියේය. ඒත් මහින්ද කරුට අගමැතිකම දුන්නේ නැත.

Top