Breaking
25 Feb 2025, Tue

කලවැද්දාට මන්ත්‍රීකම දුන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නොවේ-මෙන්න ඇත්ත

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එ.ජා. පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් නොව කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් බව  හිටපු නියෝජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය අනාවරණය කර තිබේ.

ෆොන්සේකා මහතාට එ.ජා. පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කලකිරුණු බවත් ඉන් පාක්ෂිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවත් වසර ගණනක් තිස්සේ තමන් පක්ෂය වෙනුවෙන් ගෙන ගිය කැපකිරීම්වලට නිසි ඇගයීමක් සිදු නොවූ බවත් පාක්ෂිකයන් වෙනුවෙන් තමන් පක්ෂයේ දරන තනතුරුවල ඉදිරියටත් රැඳී සිටිමට  දැනට තිරණය කර තිබේන බවද ඇය පවසා තිබේ.

දේශපාලනයේදී කාන්තා නියෝජනය වැඩි විය යුතු බවට විවිධ මත පළ වුවද තමන් කාන්තාවක් වීම හේතුවෙන් මන්ත්‍රී ධුරය අහිමි වූ බවත් ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකින් කාන්තාවන්ට සාධාරණය ඉටු නොවන බවත් රෝසි සේනානායක මහත්මිය  පවසා ඇති අතර

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුව සඳහා වෙනත් පක්ෂ සාමාජිකයන් එක් කර ගැනීමෙන් තමාටත් ජෝශප් මයිකල් පෙරේරා මහතාටත් බලවත් අසාධාරණයත් සිදුවූ බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ තීරණයද පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් නොව කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් බවත් ඇය අවධාරණය කළාය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.