Breaking
24 Feb 2025, Mon

ක්‍රිකට් සභාපති කම ඉල්ලු අර්ජුන නිකමා වරායට විනාශ කරලා

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරායේ වැඩ භාරගෙන අවුරුද්දක් පමණ ගතවී ඇති නමුත් මේ වනතෙක් වරායේ සංවර්ධනය උදෙසා හෝ සේවක මණ්ඩලයේ යහපත උදෙසා හෝ කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පසුගිය රජය මඟින් සිදුකළ විශාල දූෂණ වංචා පිළිබඳවත් මේ වන තෙක් විමර්ශනය කිරීමට උත්සාහ ගෙන නොමැති බවත් පෙරේදා (18දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චන්ද්‍රසිරි මහගමගේ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර යූරියා පොහොර කිලෝ 50 මලු හත්ලක්‍ෂ පනස් දහසක් කොළඹ වරායේ ගබඩා කර ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පෙන්වා දෙයි.

ආනයනය කරන ලද යූරියා පොහොර තොගය මාස තුනක් මුළුල්ලේ කොළඹ වරායේ බණ්ඩාරනායක 1, 2 ස්ථානයේ නැංගුරම් දමා ඇති නැවෙන් ගෙන ගොස් වරාය තුළ තවදුරටත් ගබඩා කරන බවත් පෙන්වා දෙන ඒ මහතා මේ පොහොර වරායේ සිට සපුගස්කන්ද පොහොර ගබඩාවට රැගෙන ගොස් ජනතාවට බෙදා දෙන බවද හෙතෙම පැවැසීය.

වරායේ පවතින ගැටලු සහ සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කළද ඔහු ඒ දේවල් පිළිබඳ සැලකිල්ලක් නොදක්වන හෙයින් ඉදිරියේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවද ඔහු කීය. මේ වන විට කොළඹ වරායේ ජයබහාලුම් පර්යන්තවලට නවීන උපකරණයන්හි අවශ්‍යතාවක් ඇති නමුත් උපකරණ ආනයනය කිරීමට අමාත්‍යවරයාගේ උනන්දුවක් නොමැති බවත් මේ හේතුවෙන් වරාය සේවකයන් විවිධ අපහසුතාවලට ලක්වන බවත් ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලීම පමණක් අමාත්‍යවරයා සිදුකරන බවත් ඒ මහතා පවසයි.

ලාභ ලැබූ වරාය පසුගිය වසරේ සිට පාඩු ලබන බවත් වරායේ බහාලුම් මෙහෙයුම් පසුගිය වසරේ ලක්‍ෂ තුනහමාරක අඩුවක් ඇති බවත් පැවැසූ ඔහු කියා සිටියේ කළමනාකාරිත්වයේ අකාර්යක්‍ෂමතාව මේ සඳහා බලපා ඇති බවයි. රටේ හදවත වැනි වරායේ ඇති ගැටලු සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉක්මන් විසඳුම් ලබා නොදුන්නොත් වරාය කටයුතු අක්‍රිය වී රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටීමේ අවදානමක් ඇති බව ඔහු කියා සිටියේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.