Featured

ක්‍රිෂාන්ත කුරේ සභාපති කරන්න කුමාරසිංහ සිරිසේන පන්නන සටන

ටෙලිකොම් සමාගමේ වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන පන්නා දමා ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු පතිකිරීමේ කුමන්ත්‍රණයක් ටෙලිකොම් ආයතනය තුල ක්‍රියාත්මකවන වන බව අප පසුගියදා අනාවරණය කළා.(කියවන්න – අගමැති කම ගන්න මංගල මගේ සහෝදරයන්ට මඩ ගහනවා -මෛත්‍රීට මලපනී)

පලමු වශයෙන් කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත්කරන ලද්දේ එවකට ටෙලිකොම් ආයතනය භාරවසිටි දේශපාලන ගේම් සම්බන්ධයෙන් නමක් දිනා සිටින මංගල සමරවීර විසින් වන අතර එයට ප්‍රධාන හේතුව බවට පත්ව තිබුනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එළැඹෙන මැතිවරණයේ කුමන පාර්ශවයක් ගනී ද යන්න පිළිබඳව තිබූ දෙගෙඩියාවයි.

මේ හරහා මංගල සමරවීර ඇතුළු පිරිස බලාපොරොත්තු වූ කරුණු දෙකකි. මෙහි පලමුවැන්න යම් ලෙසකින් ජනාධිපතිවරයා ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයේ පැත්ත ගන්නවා නම් ඔහුගේ සහෝදරයන් උපයෝගීකොටගෙන බලපෑම් එල්ල කිරීමයි. දෙවැන්න පවුල්වාදය නැවත ක්‍රියාත්මක කරවායයි කියමින් ඒවනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි පැවති ජනතා ප්‍රසාදය යම් ප්‍රමණකට ඉවත්කිරීමයි. මෛත්‍රීගේ කිසිඳු අනුදැනුමකින් තොරව මෙම පත්වීම සිදුකළ නමුත් මංගල සමරවීරගේ සම්බන්ධයක් සහිත යැයි පැවසෙන වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස විවේචනය කරන ආකාරය අපට දක්නට ලැබීම තුල මේ නිගමනය සනාත වේ.

ටෙලිකොම් ආයතනයේ සභාපති වශයෙන් කුමාරසිරි සිරිසේන පත්වූ නමුත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය මංගල සමරවීර ප්‍රමුඛ කණ්ඩායමට පක්ෂව කටයුතු කළ පුද්ගලයෝ වූහ. ඒ සියල්ලටම අමතරව මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටි අධ්‍යක්ෂක මණඩලයේ කොටසක් ද මෙම අධ්‍යක්ෂක මණ්ඩලයට රිංගා ගානීමට සමත්ව තිබුනි.

මෙම පිරිස අතර කපිල චන්ද්‍රෙස්න සහ හේමචන්ද්‍ර වැගපිටිය ද ඇතුලත් වූහ. මෙහිදී රාජපක්ෂ පාලන සමයතුල ටෙලිකොම් ආයතනය සහ අනුබද්ධ ආයතන වල සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භවූ අතර කපිල චන්ද්‍රසේන එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ටාෂයේ මෙන්ම ආයතනික වශයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කෙරිනි.

මෙහිදී මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාෂයේ පරීක්ෂණ සම්පූර්ණයෙන් ඉවරවීමට ප්‍රථම ආයතනික පරීක්ෂණ වලදී කපිල චන්ද්‍රසේන සිය වැඩකටයුතු කිරීමේදී ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව අනාවරණය විය. මෙහිදී ඔහුට විරුද්ධව ආයතනික වශයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරුන අතර ඔහු විසින් සුද්කර ඇති අක්‍රමිකතාවලට අනුව ඔහුව ආයතනයෙන් නෙරපාහැරිය හැකි වන නමුත් එසේ කිරීමට ආයතනයේ අධ්‍යක්ෂමණ්ඩලයේ බහුතරයක් එකඟකරගැනීමට අසමත් විය. මෙයට විරුද්ධ කණ්ඩායම තර්ක කළේ ඔහුට විරුද්ධව මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ටාශයේ පරීක්ෂණයක් පවතින නිසා ඔහුව සේවයෙන් නෙරපා හැරීම සාධාරණ නොවන බවයි. මෙහිදී මාස 3ක වැඩතහනමක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් ඒ සඳහා ද අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි විය.

මෙසේ කපිල චන්ද්‍රසේන විරුද්ධව කටයුතු කිරීමට විරෝධය ප්‍රකාශකරමින් හේමචන්ද්‍ර වැගපිටිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේ මේ ආකාරයට ක්‍රියාකරන අධ්‍යක්ෂ මණ්ඩලයක් තුල කටයුතු කිරීමට තමාට නොහැකි බව පවසමිනි. අවසානයේ මෙම ගැටළුව හරීන් ප්‍රනාන්දු වෙත ඉදිරිපත්කරනු ලැබූ අතර ඔහුගේ නිගමනය වූයේ කපිල චන්ද්‍රසේන ආයතන සංග්‍රහයට අනුව වරදක් සිදුකොට ඇති නිසා ඔහුගේ වැඩතහනම් කළයුතු බවත් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ටාශයේ සිදුකෙරෙන පරීක්ෂන වලදී තවත් ඔහු විසින් සිදුකරන ලද අක්‍රමිකතා පිළිබඳ අනාවරණය වුවහොත් ඔවුන් විසින් ඒවාට විරුද්ධව පියවර ගනු ඇති බවත්ය. මේ අනුව කපිල චන්ද්‍රසේන මාස 3කට වැඩතහනම් කරන ලදී

මෙහිදී කපිල චන්ද්‍රෙස්න වෙනුවට මොබිටෙල් ආයතනයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නට තෝරාගැනුනේ දේශපාලන විද්‍යාව සහ නීතික්ෂේස්ත්‍රය සම්බන්ධ අධ්‍යාපනයක් ලබා ඇති ක්‍රිෂාන්ත කුරේයි. ක්‍රිෂාන්ත කුරේ සතු මනා භාෂා හැසිරවීමත්, පුද්ගල සබඳතා හැකියාවත් නිසා බහුතරයක් අධ්‍යක්ෂකවරු ඔහු මත යැපෙන තත්වයක් උද්ගතවී තිබේ. එමෙන්ම මොහු එක්සත් ජාතික පක්ෂයේ සහ මංගල සමරවීරගේ හිතවතෙකු වන තුසිත හල්ලොළුව ගේ සමීප සගයෙකු ද වේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කර තිබීම නිසා තවදුරටත් තමාට දැඩි පක්ෂපාතීත්වයක් නොමැති කුමාරසිරි සිරිසේන ටෙලිකොම් සභාපතිවරයා වශයෙන් තබාගන්නවාට වඩා තමාට පක්ෂපාත ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා ලෙස පත්කරගැනීම වඩාත් යෝග්‍ය බව මංගල සමරවීර ප්‍රමුඛ කණ්ඩායම වටහාගෙන ඇති අතර මේ වනවිට ඒ සඳහා අවශ්‍ය පසුබිම ඔවුන් විසින් සකස්කරමින් පවතිී.

මෙම කුමන්ත්‍රණයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ තුසිත හල්ලොළුව වන අතර එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාත කණ්ඩායම් ද මේ සඳහා සම්බන්ධකරගැනීමට ඔහු සමත්ව තිබේ.

Top