Breaking
24 Jan 2025, Fri

කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඇති බව සනාථකළ අතුරැදහන් කාර්‍යාල පනතේ ඇති “ජාත්‍යන්තර සම්මුතිය”

අතුරැදහන් කාර්‍යාල පනතේ ඇති  ජාත්‍යන්තර සම්මුතිය පිළිබද සමාජය විසින් විවෘතව සාකච්ඡා නොකළ වැදගත් නීති කරැණු විශාල ප්‍රමාණයක් Lankanewsweb.today වෙබ් අඩවිය මගින් දැනටමත් සාකච්ඡා කර ඇත. වර්ෂ 1815 ඉංග්‍රීසීන්ට රට යටත් කරදීමෙන් පසු නිදහස් චින්තනයක් මෙරට උපන් පුරවැසියන් වෙතින් බැහැර වූ බව විදහා දක්වන ප්‍රබල සාක්ෂි අතුරැදහන් කාර්‍යාල පනතේ ඇති  ජාත්‍යන්තර සම්මුතිය ඔස්සේ පෙන්නුම් කෙරිණි.අවාසනාව වන්නේ ලාංකීය සමාජයේ විසින් මේ දක්වා මේ පිළිබද විධිමත් සාකච්ඡාවක් සිදු නො කිරීමය. මෙම වෙබ් අඩවියේ  මගින් මතු කළ අතුරැදහන් කාර්‍යාල පනත සහ අදාල ජාත්‍යන්තර සම්මුතිය මගින් ඇති කරන එක්සත් ජාතීන්ගේ අධිකරණ යාන්ත්‍රණය ගැන ජනතාව විසින් සත්‍ය තේරැම් ගෙන නැත.යුතුකම සන්වාද මෙහෙයුම පවා අතුරැදහන් කාර්‍යාල පනත සහ අදාල ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පැහැදිලි අදහසක් ජනතාවට ලබා නොදෙයි. ජනාධිපති නීතීඥ මනේහාර ද සිල්වා පවා මේ ජාත්‍යන්තර සම්මුතිය ගැන නිහඩය. ඔවුන් අදුරේ අතපත ගායි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27(iii) වගන්තියේ දැක්වෙනබලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබදව විධිවිධාන දැක්වේ. මෙම පනත් කෙටුම්පත 2016.05.27 දින ගැසට් පත්‍රයේ පළ වී තිබූ අතර එය 2016.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇති අතර එහෙත් එකී පනත් කෙටුම්පතට අදාල 27.(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ගැසට් පත්‍රයේ පළකිරීමක් හෝ පනත් කෙටුම්පතේ උපලේඛනයක් ලෙස ඇතුළත් කිරීමක් හෝ ගරුපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු කර නැති වුවද, එකී පනත් කෙටුම්පතට ගරුකථානායකවරයා විසින් සිය අත්සන තැබීමෙන් පසු “ජාත්‍යන්තර සම්මුතියේ”ප්‍රතිපාදනරටේ වලංගු නීතියක් බවටද 2016.08.23 දින සිට පත් වී ඇත.

ඒකාබද්ධ විපක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ හෙළ උරැමය මන්ත්‍රීවරැන් කිසිවකු මේ “ජාත්‍යන්තර සම්මුතියේ” කුමක් සදහන් වේද යන්න පිළිබද නිසි අවබෝධයකින් තොරව එය පිළිගෙන තිබීම ජාතියේ අවාසනාවකි.Lankanewsweb.todayවෙබ් අඩවිය පමණක් ජාතියේ මේ අවසානාවන්ත ඉරණම තේරැම් ගෙන සමාජය දැනුවත් කිරීමට ගන්නා උත්සාහය පැසසුම් සහගතය. දිනේශ් ගුණවර්ධන, අනුර දිසානායක වැනි මන්ත්‍රීවරැ අස්වයා බොහෝදුර ගිය පසු ඉස්තාලය වසා ගැනීමට ක්‍රියාකරමින් 2016.08.24 දින මේ ගැන හඩා වැළපෙන ආකාරය එදින හැන්සාර්ඩ් වාර්ථා පරිශීලනය කිරීමේදී වටහා ගත හැකිය.

පාර්ලිමේන්තුවේ සිටන ජනතාවගේ නියෝජිතයන් තමන්ගේ වගකීම පිළිබද නිසි අවබෝධයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් අපි නොදන්නා, අප දැක නැති ජාත්‍යන්තර සම්මුතියක්හොර පාරෙන් නීති ගත වන අකාරය දුකසේ බලා සිටීමට ජනතාවට සිදු වී ඇත. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරැව සිහිවන්නේ එහෙයිනි.

අතුරදහන් පනතේ සදහන් ජාත්‍යන්තර සම්මුතියේරාජ්‍ය භාෂාවෙන් පිටපතක් ඉල්ලා විද්වතුන් 35කගෙන් ජනාධිපතිට ලිපියක් පසුගිය දා යොමු කර තිබූ අතර එය පිළිගනිමින් ජනාධිපති ලේකම්වරයා විසින් එකී සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ලබා දීම සදහා නිසි පියවර ගැනීමට රාජ්‍ය භාෂා කොමසාරිස් ඩබ්. ඒ. ජයවික්‍රම මහතා වෙත යොමු කර ඇති අතර එකී ලිපිය පහත දැක්වේ.ඒ අනුව ඉදිරියේ දී ජාත්‍යන්තර සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

කාගේ කාගේත්  කිල්ලෝටවල හුණු ඇති බව සනාථකළ අතුරැදහන් කාර්‍යාල පනතේ ඇති  ජාත්‍යන්තර සම්මුතිය

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරැව

කාගේ-කාගේත්--කිල්ලෝටවල-1-1
 (මෙම ඡායාරෑපය 2016.08.24 දින රිවිර පුවත්පතේ 3වැනි පිටුවෙන් උපුටා ගෙන ඇත)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.