Breaking
24 Feb 2025, Mon

කාණු කටාගේ ඖෂධ මාෆියාව

දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වන ඖෂධ මාෆියාව පාලනය කිරීමට නම් සේනක බිබිලේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ යුතු නමුත් වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනතාවට බොරු කරමින් ඖෂධ මාෆියාව සඳහා ඉඩ ලබාදෙමින් සිටින බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. එහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසූයේ ඇමතිවරයාගේ මෙම ක‍්‍රියාකලාපය හේතුවෙන් ඖෂධ අධිකාරියේ කීර්තිමත් වෛද්‍ය අධ්‍යක්‍ෂකවරුන් මේ හේතුවෙන් ඉල්ලා අස්වෙමින් සිටින බවත්ය. එමෙන්ම ඖෂධ පනත සම්මත කර වසරක් ඉක්ම ගිය නමුදු මහජනතාවට දැනෙන පරිදි කිසිදු ජනහිතකාමී පියවරක් ක‍්‍රියාවට නගා නැති බවත් මෙහිදී ජයන්ත බණ්ඩාර පැවසීය.

මෙම පනත ගෙනෙන විට 50% කින් ඖෂධ මිල අඩුවෙනවා යැයි ඇමතිවරයා පැවසූ නමුත් අද වන විට එය 50% කින් පමණ වැඩි වී ඇති බවද මෙහිදී ඔහු අවධාරණය කළේය. ඇමතිවරයාගේ මෙම ක‍්‍රියාකලාපය වහා නැවැත්විය යුතු බවත් ඇමතිවරයාගේ මේ බොරුවට එරෙහිව අධිකරණයට කරුණු දක්වන බවද මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද මෙහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර සදහන් කළා.

කාණු කටාගේ ඖෂධ මාෆියාව ගැන අහන්න

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.