Breaking
5 Feb 2025, Wed

කාල්ටන් අතට ගත් රාජපක්ෂවරු SKY MEDIA වලට බැල්ම දමයි…දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් සංඛ්‍යාත අවභාවිතාවේ යෙදවීමේ සුදානමක්!

Published on: Aug 19, 2020-කාල්ටන් ක්‍රීඩා ජාලය හෙවත් CSN යළි රාජපක්ෂ පවුල අතට හිමි වීමත් සමඟ SKY MEDIA NETWORK ගුවන් විදුලි ආයතනය ද ඉතා සීග්‍රයෙන් සහ සුක්ෂමව යළි පැරණි පවුලට එක්කර ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

CSN (Carlton Sports Network) රුපවානිනී ආයතනය වෙත නිකුත් කරන ලද බලපත්‍රයේ විවිධ විෂමතා සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධානවලට පටහැනි බව පවසමින් 2016 වසරේදී ජනමාධ්‍ය හා සන්නිවේදන අමාත්‍යාංශයේ ලේකම් විසින් එහි බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව එය 2016 ඔක්තෝබර් වල විකාශය කිරීම නවතා දමන ලදී.

ඔවුන් රූපවාහිනි විකාශන කටයුතු පවත්වා ගෙන ගිය 236/1 Denzil Kobbekaduwa Mawatha, Battaramulla යන ලිපිනයේම Vis Broadcasting PVT Ltd යන නමින් ඒ වනවිට පවත්වාගෙන ගිය ඔවුන්ගේ පවුලේ ගුවන් විදුලි නාලිකා ද ඒ මොහොතේ නතර විය. Vis Broadcasting PVT Ltd යටතේ රාජපක්ෂ පුතුන් වන Namal Rajapaksha සහ Yoshitha Rajapaksha යන දෙදෙනා FM MHZ 88.80 / 88.60 ඔස්සේ SINHA FM නමින් Sinhala මාධ්‍ය ගුවන් විදුලි නාලිකාවක් සහ FM MHZ 99.50 / 99.70 / 107.80 තවත් ගුවන් විදුලි නාලිකා 02 ක් පවත්වාගෙන ගියේය.

2015 දී පත් වූ යහපාලන ආණ්ඩුව විසින්ම 2016 ඔක්තෝබර් වලින් පසුව නිරංග හෙට්ටිආරච්චි නැමති පුද්ගයයෙකුට මෙම සියළු සංඛාත වල හිමිකාරීත්වය ලබා දුන් අතර ආයතනයේ නම SKY MEDIA NETWORK ලෙස ද වෙනස් කළේය. එලෙස මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය වෙනස් කරන බරපතල තීන්දුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය අත්සන යොදා එදා සිදුකරන ලද්දේ යළිත් රාජපක්ෂ රෙජිමයට බලහත්කාරයෙන් ලබා ගත නොහැකි වන ලෙසය. ඒ අනුව Sky media networks 2017 වසරේ, FM MHZ MHZ 88.80 / 88.60 ඔස්සේ SITHA FM නමින් සිංහල මාධ්‍ය නාලිකාවක් ද FM MHZ 107.80 ඔස්සේ RED FM නමින් ENGLISH මාධ්‍ය නාලිකාවක් ද FM MHZ 99.50 / 99.70 ඔස්සේ THAMIL FM නමින් නාලිකාවක් ද ආරම්භ කළේය.

නමුත් 2019 නොවැම්බර් වල පැවති ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයටත් මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයටත් පත් වූ පසුව මෙරට අධිකරණයට සිදුකල බරපතල බලපෑමක ප්‍රතිඵලයක් ලෙස 2020 ජුනි මාසයේ දී යළි ලබාගත් Carlton Sports Network මේවනවිට විකාශන කටයුතු ආරම්භ කර ඇත.

නීත්‍යානුකුලව රාජපක්ෂ පවුලට අයිතියක් නැති SKY MEDIA NETWORK වෙත මේ වනවිට බලපෑම් හා තර්ජනය කරමින් සිටින රාජපක්ෂ පවුල සහ වෙනත් අනීතික පාර්ශව SKY MEDIA NETWORK හිමිකාරීත්වයෙන් යලි අදාළ ගුවන් විදුලි නාලිකා ඉල්ලමින් සිටි.

අප ආණ්ඩුවට මතක් කර සිටින්නේ…

01. සියළු ගුවන් විදුළි සංඛ්‍යාත මහජන දේපල බැවින් ඒවා අවභාවිතාවේ යෙදවීමට ඉඩ දිය නොහැක.

02. 2016 ජනවාරි මාසයෙන් පසුව SKY MEDIA NETWORK හි සේවය කළ පසුගිය ආණ්ඩුවට සම්බන්ධ බවට සැක කරන සේවකයන් ඉතා අමනුශිකලෙස සේවයෙන් ඉවත් කරමින් සිටී.

03. SKY MEDIA NETWORK වෙත දැන්වීම් ලබා දෙන සහ ලබාදුන් ආයතන වලට රාජපක්ෂ පවුල තර්ජනය කරමින් සිටී.

මෙම ආයතනයේ සියලු සේවකයන්ගේ ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිත භාවය ආරක්ෂා කරන ලෙසත් SKY MEDIA NETWORK සමග වෙළඳ පොළ ගනුදෙනු කල පාරිබෝගික සමාගම් වලට තර්ජනය නොකරන ලෙසත් මහජන දේපලක් වන සංඛ්‍යාත එක පවුලක දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් අවභාවිතාවේ යෙදවීමට මංකොල්ල කෑමකට ඉඩ නොතබන ලෙසත් ඉල්ලා සිටිමු.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.