Breaking
5 Feb 2025, Wed

කැළනීයේ පච නයා, කටුවෙන් අනින නංගි පරාදයි… රාජ්‍ය,පෞද්ගලික මාධ්‍ය ජනමාධ්‍ය රංගනයක … සමගිජන බලවේගය විනාශ කිරීමට වොයිස්කට් නාටකයක්!

Published on: Jun 25, 2020- ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් ‘සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය‘ පාලනය කිරීම සදහා මැතිවරණ කොමිෂම පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබේ.

සභාපති,

මැතිවරණ කොමිෂන් සභාව.

2020/06/25

මැතිවරණ සමයේ ඊනියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ‘වොයිස් කට්‘ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සදහා දෛනිකව ජාතික ජනමාධ්‍ය ආයතන විකාශ 6 ක් හෝ එයට වැඩි කාලයක් මේ වන විට ප්‍රචාරය ලබා දෙමින් ඇත. ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපානලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන්, විසින් අදාළ පරිශ්‍රයේ  සිට වොයිස් කට් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී.

සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්, ප්‍රතිපත්ති ඉලක්ක කරමින් මෙම ඊනියා වොයිස් කට් මෙහෙයුම සිදුවේ.  කොමිෂන් සභාවේ කටයුතු වලට කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙසින් තිර පිටපතට නගා ඇත.

මැතිවරණ සමයේ දී ගංගාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ‘කටුවෙන් අනින නංගිගේ කථාව‘ ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වොයිස් කට් නාටකය දිගැදෙමින් ඇත.

මැතිවරණ කොමිසම සමගි ජන බලවේගයට ප්‍රමුඛ විපක්ෂයේ අනෙකු සියළු පක්ෂවලට බැනරයක් ප්‍රදර්ශනය කර ගන නොහැකි පරිසරයක් ගොඩ නගා ඇත.  රාජ්‍ය සේවකයින්ට ෆේස් බුක් අදහස් දැක්වීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ භීතියක් මතුපිටට ගෙන ඇත.

විපක්ෂයේ කණ්ඩායමක  කකුල් කඩා සමබිමක තරඟයක් ලෙස මහා මැතිවරණයක් පැවැත්විය නොහැකිය.නමුත්, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් හා පුද්ගලික නාලිකා කිහිපයක් ද, සමාජ මාධ්‍ය ද උපයෝගී කර ගනිමින් මේ වන විට සිදු වෙමින් ඇත්තේ ඒ අසම-තරග බිම නිර්මාණය කිරීමයි.

එබැවින්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් ‘සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය‘ පාලනය කිරීම සදහා මැතිවරණ කොමිෂම පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

රංජිත් මද්දුම බණ්ඩාර

මහ ලේකම්

සමගි ජනබලවේගය

කොමසාරිස් ජනරාල් – මැතිවරණ කොමිසම

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.