Featured

කිඹුල් කදුඵ එපා කොන්ද පණ තියේනවානම්,ශ‍්‍රීලනිපයට ඇත්තටම ආදරෙයිනම් ආණ්ඩුවේ ඇමති ධූර වලින් ඉවත් වන්න

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඇත්තටම ආදරය කරන්නේ නම් යහ පාලන ආණ්ඩුවේ ඇමති ධූර වලින් ඉවත්ව ආණ්ඩු විරෝධි ජනතා අරගලයට එක් වන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැ`දවුම් කරු ගම්පහ දිස්ත5ීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුවට එක්ව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලයි. යහපාලන ආණ්ඩුවේ ඇමති ධූර දරමින් පක්‍ෂය වෙනුවෙන් කිඹුල් ක`දු`ඵ හෙලීමෙන් පමණක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන් ශ‍්‍රී ලාංකිකයන් අමතමින් රණතුංග මහතා මේ බව අවධාරණය කලේය. සිඞ්නි නුවර ඊයේ (29)පැවති මෙම රැස්වීම වර්තමාන දේශපාලන තත්වය පිළිබ`දව එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් දැණුවත් කිරීමේ අරමුණින් සංවිධානය කර තිබුණේ ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ මහින්ද එකමුතුව නැමති සංවිධානයයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැකිවූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මේ වන විට වර්ථමාණ යහපාලන ආණ්ඩුවට එරෙහිව පු`ඵල් ජනතා ව්‍යාපාරයක් ගොඩ න`ගමින් ඉන්නවා. මේ පු`ඵල් ජනතා ව්‍යාපාරය ආණ්ඩු විරෝධී සිය`ඵ ජනතාව ඒකරාශී කිරීමේ පෙරමුණක් අප පොදු සතුරා හ`දුනාගෙන තිබෙනවා. ඒ පොදු සතුරාට එරෙහි සටනේදී කුමන මතවාද තිබුණත් අප එක්ව සටන් කරන්න සූදානම් මේ පු`ඵල් ජනතා ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ අපේ හිටපු ජනාධිපති මහනිද රාජපක්‍ෂ මහතායි ඔහුගේ නායකතත්වයෙන් අප මේ අරඹන්නේ යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමේ සටනයි. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත5ීවරුන් 51 දෙනාම මේ සටනට දායකත්වය දෙනවා.”

“ආණ්ඩු විරෝදී පු`ඵල් ජනතා ව්‍යාපාරයක් අප ආරම්භ කරන බව දැනගන්නට ලැබුණහම වැඩියෙන්ම කලබල වෙලා තියන්නේ මේ රනිල්ගේ ආණ්ඩුවට මුක්කු ගහලා තියන අපේම අය. ඒ කියන්නේ යහපාලනයේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියොජනය කරන ඇතැම් මැති ඇමතිවරු. මම දැක්කා ඔවුන් සමහර අය කියලා තියනවා මේ ජනතා ව්‍යාපාරය ක‍්‍රීයාත්මක කරන්නේ යු. එන්. පී. ඞීල් එකකට කියලා. යු. එන්. පී. එකත් එක්ක ඞීල් ගහලා තියන්නේ අපි නෙමෙයි. ඒ ඞීල් එකේ ඉන්නේ අද යහපාලනයේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන්. මම ඒ අයට කියන්න කැමතී ඇත්තටම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආදරෙයි නම්, ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයාට ආදරෙයි නම් ඔය සූප්පු කරන යහ පාලන ඇමති කටු විසි කරලා අපේ ජනතා ව්‍යාපාරයට එකතු වෙන්න. කිඹුල් ක`දු`ඵ හෙල හෙලා ඉ`දලා විතරක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩු ගොඩනගන්න බෑ. තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂය සම`ග දීග කෑමෙන් පිරිහෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි.”

“ඔවුන් න`ගන තවත් චෝදනාවක් තමයි ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මේ පක්‍ෂය දෙකඩ කරන්න හ`දනවා කියන එක. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍සය දෙකඩ කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ අප නොවෙයි. මේ පක්‍ෂය දෙකඩ කලේ අද රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ යහ පාලන ආණ්ඩුවට එක්ව සිටින අයයි. මේ සමහර අය පහුගිය මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ගියේ මහින්ද මහතාට පින්සංද්ධ වෙන්නයි. මහින්ද මහත්තයාගේ ෆොටෝ් එක ගහගෙන ඡුන්දේ ඉල්ලපු අය ඡුන්දේ දිනලා නතර උනේ රනිල්ගේ තුරුලේ. යහපාලන ආණ්ඩුවේ ඇමති කටු සූප්පු කරමින් මේ අය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ඒකාබද්ධ විපක්‍ෂයේ අපටත් අබූත චෝදනා න`ගනවා ඒකාබද්ධ විපක්‍ෂයට ඞීල් චෝදනා න`ගන්නේ නැවත අපේ පාක්‍ෂිකයන් රවට්ටන්නයි. හැබැයි අපේ පාක්‍ෂිකයෝ රවටන එක ඒඅ යට ඒතරම් ලේසි වෙන්නේ නෑ. ඇත්තටම යු. එන්. පී. එකත් එක්ක ඞී්ල් දන්නේ කවුදැයි. මේ රටේ ජනතාව දැන් හො`දින් දන්නවා.”

“අපේ රටේ රණවිරුවො ලේ හලලා දිවි පුදලා රැකගත්ත මාතෘභූමිය වර්ථමාණ යහ පාලන ආණ්ඩුව යලිත් මහා යුධ නරකදියකට රැගෙන යමින් තිබෙනවා. පෞද්ගලීකරණය නැවත හිස ඔසවලා. රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණන්න ආණ්ඩුව සිය`ඵ පිඹුරුපත් සකසා අවසන්. වැටි බද්ධ නිසා ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙලා. ගන්න හුස්ම පොදටත් බදු ගහන තැනට මේ ආණ්ඩුව පත් වෙලා. අපට තියන්නේ එකම විකල්පයයි. අපි ආරම්භ කර තිබෙන්නේ ඒ වෙනුවෙන් වූ සටනයි. ඕස්ටේ‍්‍රලියාවේ පමණක් නෙවෙයි. ලොකයේ සිය`ඵම රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් මාතෘභූමිය වෙනුවෙන් පෙරට ආයුතු කාලයයි. මේ එලඹ තිබෙන්නේ. ඒ වෙනුවෙන්් අප සම`ග එක් වන්නැයි සිය`ඵ දෙනාටම ආරාධනය කරනවා.බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙරිල් පෙරේරා මහතාද මෙහිදී කථා කලේය.”

ප‍්‍රදීප් අනුර කුමාර.

Top