Breaking
10 Apr 2025, Thu

කිරි ඉල්ලු ජනතාවට කැදත් නැතිකල සිරිසේන

ඉතිහාසය සාක්ෂි දෙන පරිදි කුමන්ත්‍රණ, පාවාදීම්, දේශපාලනන ඩබල් ගේම් වලින් බිද වැටුනු රාජ්‍ය මිස ගොඩ නැගුනු රටක් නොමැත. ලක්බිමෙහි රාජ්‍යත්වයට පත් පාලකයාට එරෙහිව ගැසූ කුමන්ත්‍රණ පාවාදීම් පිලිබද කතා ඉතිහාසය පුරා එමටය . ඉන්දියාවෙන් පිටුවහල් කල සල්ලාලයෙකුට වශීවූ කුවෙනිය සිය සනහුරේ උපන් ගෙයිම පාවාදුන්නය . ගොට්ට අල්ලා සමහරු පරංගීන්ගෙන් වරප්‍රසාද ලැබීය.තව සමහරු ලන්දේසීන්ට රට පාවා දීමට කටයුතු කළහ. තවත් සමහරු ඉංග්රීසිකාරයාට රට පාවා දුන්හ. ස්වදේශිකයන් විසින්ම තම රට ඇමෙරිකාමුවන්ට පාවා දීම නිසා ඉරාකය, ලිබියාව අරාජික වූ බව අප ඇස් ඉදිරියේම පසවූ සතයකි . ඉතිහාසය පුරාවට පාලකයා සහ ස්වදේශිකයන් අතර සම්බන්දය බිදීමට සතුරන් භාවිතා කලේ සරල උපක්රමයකි. එනම් දේශීය පාලකයා හොරෙකු ලෙස ලේබල් කොට, එකී ලේබලය දේශීය බත්බැලයන් හරහා ජනතාවට මාකට් කිරීමයි.

අපේ කථාවේ බත්බැල නායකයා වූ සිරිසේන ජනතාව රැවටීමට A/C කල කක්කුස්සි පෙන්වූහ, ලැම්බොගිනි පෙන්වූහ,එංගලන්තයෙන් ගෙනා අශ්වයන් ඇතැයි කීහ, පොලව යට මාලිගා පෙන්වූහ, ගුවන්යානා ගැන කිවූහ. නමුත් බැසගිය පාලකයා සතුව ඒ කිසිවක් නොවීය. ජනතාව ගොනාට ඇන්දවීමට පෙන්වන කථා මාලාවේ අවසානයට දැන් පැමින ඇත. අයවැය විවාදය අතරතුර සිරිසේන රගදැක්වූ මල්වඩම් ජවනිකාව මෙහි අවසානයයි. මහින්දයනු ගෙන්දගම් පොලවේ මිනිසුන් අතර මිනිසෙකු විය.මල ගෙවල් , මගුල් ගෙවල් , උපන්දින සොයාගෙන ගොස් දුකසැප බෙදා ගැනීම මහින්දගේ සිරිත විය. මංගල අවමගල සම්භාෂන ගෙවීම් කර ඇතතේ අත යටින් නොව අදාල ක්රියාපටිපාටියට අනුවය. වරදක් වී ඇත්නම් සිරිසේන කලයුත්තේ ගැලරියට ගැසීම නොව නීතිය ක්රියාත්මක කිරීමයි. මල්වඩමෙනුත් ගැහුවා යයි කීම මහින්දට නොව මිය පරලොව ගිය එකාට කරන අපහාසකි.

බලයට පැමින අවුරුද්දක් ගත වුවද සිරිසේන ආතල් ගෙන උඩු බුරනවා මිස ජනතාවට කල සේවයක් නොමැත. පසුගිය රජය ආරම්භකල දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සියල්ල ඇනහිට ඇත. නො එසේනම් තත්වය බාල කොට ඇත . පසුගිය රජය මං තීරු 6 කට ගැසූ උතුරු අධිවේගී මාර්ගය මංතීරු 4 කට අඩුකොට අතයටින් ඩොලර් බිලියන ගනනක් වමට ගැසීය. මත්තල ගුවන්තොටේ වී ගබඩා කොට ජාත්යන්තර පිලිගැනීම නැති කෙරීය .තේ රබර් වලට මෙතෙක් වූ සහතික මිල ක්රමය ඉවත් කිරීය. අද තේ සහ රබර් කර්මාන්ත වල පල්ලට යවා ඇත. හාල් සහ පොල් පිට රටින් ආනයනය කිරීමට සැලසුම් කොට ඇත . ව්යපාරයක් ආරම්භ කීරීමදී රු 60000 ආන්ඩුවට ගෙවිය යුතුය, බැංකුවෙන් මුදල් ආපසු ගැනීමෙදී රු 20000 ගෙවිය යුතුය. කිරි ඉල්ලු ජනතාවට කැදත් නැතිකල සිරිසේන තම පවුලේ බිස්නස් මාෆියාව උඩටම උස්සා තැබීය. එතෙක් තම පවුල සතු වූ හාල් , වැලි , ගල්, ගස් , හෝටල් බිස්නස් වලට අමතරව ටෙලිකොම්, නයිට් ක්ල්බ්, සහ රාජකීය කප්පම් බිස්නස් මා‍ෆියාද එකතු කෙරීය.

දියුවන කිසිදු රටක පාලකයන් වෙනස් වුවද ප්‍රතිපත්ති වෙනස් නොවේ. එක් රජයකින් ගුවන් තොටුපලක් තැනුවේ නම් ඊ ලග රජයෙන් කරනුයේ ඊට බැන අඩගැසීම හෝ එහි වී ගබඩා කිරීම නොව එය විය වාණීජ්‍යමයව ජාත්‍යන්තරයට ඔසවා තබන වැඩපිලිවෙලකි . ත්රස්තවාදී චෝදනා මත එක් රජයක් මගින් අත්අඩංගුවට ගත් චූදිතයන් නිදහස් කොට හමුදාවන්ට අච්චු කිරීමට කස කැවීම කවර ප්රතිපත්තියක්ද. රටේ හෙට ගැන සිතා පසුගිය රජය සැකසූ මං තීරු 6 අධි වේගී මාර්ග සැලසුම අවලංගු කොට මංතීරු 4 අධි වේගී මාර්ගයක් තැනීම කෙතරම් අපරාධයක්ද. කෘෂි සහ වැවිලි බෝග වලට වූ සහතික මිල ක්රමය නැවතීම ඉන් යැපෙන මිලියන ගනනක දරු පවුල්වල බඩට ගැසීමකි. පුරවැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පසුගිය රජය බිහිකල ආර්ථික ක්රමවේද නවරජය විසින් එකිනෙක අහෝසි කල නමුදු එතනෝල් ආනයනය, බාර් ලියිසන් , ඔට්ටු සූදු , නයිට් කල්බ්, කැරොකෙ බලපත්ර කිකුත් කිරීම් යහපාලනය යටතේ ඩබල් විය.

ඇති හැකි උන් තර කරන නැති උන් නැත්තටම නැති කරන නව රජයේ සාක්කු පුරවන ප්‍රතිපත්තිය විනාශකාරීය. සිරිසේනගේ පොලොන්නරුවෙන්ම උදාහරනයක් ගෙන මෙකී සන්තෑසිය පෙන්වා දිය හැක. පොහොර සහනාධාරය සහිතව වී කිලෝ එකක නිෂ්පාදන වියදම රු 25 – 30 අතර වෙයි. වී විකුනා ගැනීමට ආන්ඩුව සමග අරගල කලයුතුය ගොවිතැන යනු අතින් වියදම් කරගෙන හරක් බලනවා වගේ වැඩකි . ගොවියන්ගේ ජීවිත දහසක් ගැටලු කරදර වලින් ගහනය. ගෑනුන්ගේ රත්ත්රන් බඩු , රොටරිය මඩ වීල් දෙක පොලී කාරයා ලග උකසට තබා ඇත. උකස් බඩු පොලියාගෙන් බේරා ගැනීමට යන්නේ ගෑනිය. පොලිය හෙට්ටු කොට බඩු බේරා ගැනීමට නම් පොලියාට ඇල්ලිය යුතුය. හිතේ දුකට බොනවා මිස ගොවියාට අන් කවර සරණක්ද . දැන් පොහොර සහනාධාරය, පාසැල් නිල ඇදුම් වල මුදල් අතටම ලැබෙයි.පොලොන්නරුවේ දිස්ත්රික් ලේකම්ට අනුව 2014 වසරේ රු කෝටි 318 ක නීතියානුකූල මත්පැන් පරිබෝජනය කොට ලංකාවේ ඉහලම වාර්තාව තබා ඇත. ගැසූ කසිප්පු පිලිබද වාර්තා හෝ සංඛ්යා කිසිවෙකු නොදනියි .කරුනු එසේ වූ කල්හි සාක්කු පුරවන ආර්ථික ප්රතිපත්තිය ඉදිරියට ගිය හොත් නුදුරු අනාගතයේදී ජාතියේ දියනියන්ට ඉතිරි වනුයේ ලෝකයේ පැරණිතම වෘත්තිය පමනි. ජාතියේ පුතුන්ට ඉතිරි වනුයේ පික් පොකැට් වෘත්තිය පමනි .

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.