Breaking
25 Feb 2025, Tue

කිලිනොච්චියේ බලය යලී බෙදුම්වාදීන් අතට -හමුදාව පරවිපන්ජාන් ගොඩනැඟිලිවලින් ඉවත්වෙයි

කොටි සංවිධානයේ ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වූ කිලිනොච්චියේ පරවිපන්ජාන් ප්‍රදේශයේ ගොඩනැඟිලිවලින් හමුදාව ඉවත් වී ඇත.

ඊළාම් බැංකුව, සාම මහලේකම් කාර්යාලය, ටොසි බුද්ධි සේවාව අරමුදල් කාර්යාලය ඇතුළු කොටි කාර්යාල රැසක්‌ ක්‍රියාත්මක වූයේ මෙම ස්‌ථානයේ සිටය.

මෙතෙක්‌ පරවිපන්ජාන්හි රැඳී සිටි හමුදාව එහි තිබූ ගොඩනැඟිලි රජයේ දිසාපතිට භාරදී ඇත. 2002 වසරේ පෙබරවාරි 21 සහ 22 ප්‍රභාකරන් සටන් විරාම ගිවිසුම අත්සන් කළේ මෙම පරවිපන්ජාන් ප්‍රදේශයේ සිටය.

පරවිපන්ජාන් ප්‍රදේශයේ සිටි ද්‍රවිඩ ජනතාව පලවාහැර කොටි සංවිධානය ඔප්පු විනාශ කර එහි ඉඩම් සිය පාලනයට ගෙන තිබේ. මෙම පරවිපන්ජාන් ප්‍රදේශයේ හමුදාව ඉවත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් දැඩි උත්සාහයක්‌ ගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.