Featured

කිලීගේ ගූ කන්නා රතු අලී පැටියා බව හෙලි වේ(Video)

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන බවට අප කල අනාවරණය මේ වනවිට එක්සත් ජාතික පක්ෂය පවා පිළිගෙන තිබේ.

ඇවන් ගාර්ඩ් වයාපාරය නීති විරෝධී බව කියමින් රටේ මත සැකසීමේ කොන්ත්‍රාතුව බාර දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායකට බවත් පසුගිය දින හිටි හැටියේම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර කුමාර සිදු කරනු ලැබුවේ මේ කොන්ත්‍රාත්තුවේ එක් පියවරක් බවත් අප අනාවරණය කල අතර ඒ අනුව ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් ආරක්ෂක අංශ නිළධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටින බවද අප අවරණය කළා.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට පැමිණි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කල හෙළිදරවුව අනුවද එය තහවුරු වෙමින් තිබේ.

 

Top