Featured

කිලී කුණු කෑ අනුර ඇවන්ගාර්ඩ් ගිලීන සටන අරඹයි-කප්පම්කරුවන් මෙන්න

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන බවට අප කල අනාවරණය මේ වනවිට තහවුරු වි තිබේ.(එම පුවත් මෙතනින් කියවන්න – ඇවන්ගාර්ඩ් ගිලගන්න කීලී කෙලිය අරඹයි-රුවන්,අනුෂා,අනුර බිල්ලට දෙයි)

ඇවන් ගාර්ඩ් වයාපාරය නීති විරෝධී බව කියමින් රටේ මත සැකසීමේ කොන්ත්‍රාතුව බාර දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායකට බවත් පසුගිය දින හිටි හැටියේම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර කුමාර සිදු කරනු ලැබුවේ මේ කොන්ත්‍රාත්තුවේ එක්  පියවරක් බවත් අප අනාවරණය කල අතර ඒ අනුව ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් ආරක්ෂක අංශ නිළධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටි.

මෙහිදී ගත් මුදල් හා වරප්‍රසාදයන් ගැනද හෙළි කෙරෙණු ඇති බවත් මේවන විට විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගෙන ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සදහන් කර තිබේ.

නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා යනුවෙන් අප පසුගිය මැයි 15 වැනිදා අප ඇවන්ගාර්ඩ් හරහා කප්පම් ගත් පිරිස අනාවරණය කර තිබේ.

මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක – ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක් සහ JEEP රථයක් යනුවෙන් පසුගිය 12 වැනිදා LNW ඔත්තුකරු අනාවරණය කල පුවතට මේ දිනවල චින සංචාරය අවසන් කරමින් සිංගප්පූරුවේ Shangri-La හොටලයේ සැප ගනිමින් සිටින මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා වන මෛත්‍රී දියණීය චතුරිකාගේ සැමියා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina Suranjith ) ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට තමන් සමග කප්පම් ගත් කිහිප දෙනෙකුගේ නම් ගම් හෙලිකර තිබේ.

සම්පූර්ණ කතාව කියවන්න –නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා

Top