Featured

කිලී මහරාජාගේ බඩ පුරවන සිරිසේනගේ “සූර්ය බල සංග්‍රාමය”

පසුගියදා “සූර්ය බල සංග්‍රාමය” නමින් මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කල නිවාස දස ලක්ෂයක් සදහා සූර්ය බලශක්තිය හදුන්වාදීමේ ව්‍යාපෘතිය තනිකරම් සිරිසේනගේ ජාවාරමේ තවත් කොටසක් බව අනාවරණය වි තිබේ. අදාල ව්‍යාපෘතිය සදහා සූර්ය බලශක්තිය නිපදවිම සදහා අවශ්‍ය සියලුම උපාංග ගෙන්විමේ සම්පුර්ණ අවසරය සිරස මුදලාලි කිලී මහරාජාගේ කැපිටල් මහා රාජා සංවිධානයට පවරා ඇති අතර ඒ සදහා ටෙන්ඩර් පටිපාටියෙන් සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බවද අනාවරණයි වි තිබේ.

මේ අතර ගල් අගුරු ගනුදෙනුව ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් සිරස රුපවාහිනි නාළිකාවේ කිළීගේ වන්දිභට්ටයන් ලවා දිගින් දිගටම දැඩි ලෙස විවේචනය කිරිමේ අවසාන ප්‍රථිපලය ලෙස ටෙන්ඩර නොමැතිවම කිළීගේ කැපිටල් මහා රාජාට ලබාදිමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයද කැමැත්ත පලකර තිබේ.

යහපාලනය ආරම්භයේදි ජනාධිපතිවරයා සහ සිරස මුදලාලි අතර එලිපිට ඩිල් සිදුවුවද පසුව රනිල් -කිළී අතර පවතින ගැටුම හේතුවෙන් සිරිසේන කිළි ඩිල්ද යටින් සිදුකරමින්  තිබුනා.

 

Top