Featured

කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගත්තේ ඇයි!- ආරක්ෂක අනාවරණය,රටින් පිටුවහල් කරන්න අනුර,රනිල් ලග වැඳ වැටේ

රටේ ශිෂ්‍ය ව්‍යාපාර හැසිරවිමේ බලය තම පක්ෂය සතුව නැති බවත් මේ වනවිට රටේ උද්ඝෝෂණ හසුරුවන බලය පෙරටුගාමින් සතුව ඇති බවත් එය ආණ්ඩුව ඉදිරියේදි අහිතකර තත්ත්වයක් උදාකල හැකි බවත් එම නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් වහාම රටින් පිටුවහල් කිරිමට කටයුතු කලයුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ බලහත්කාරයෙන් නායකත්වයට පැමිණි අනුර කුමාර දිසානායක තමන්ගේ බලු ස්වාමියා වන අගමැතිගෙන් ඉල්ලිමක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මිට පෙරද මහමැතිවරණ සමයේ දේශපාලනයේ පොත්ත ගලවා ඇත්ත මතුකරන බවට පවසමින් මහින්ද රාජපක්ෂට හිටපු ජනාධිපතිවරයාට පහරදිමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පොත්ත සුදු ටොයියා වන උපුල් ශාන්ත සන්නස්ගල පවත්වාගෙන ගිය සත්‍යාගාරය නමින් අමුම අමු පචගාරය වැඩසටහනට කුමාර් ගුණරත්නම් සහභාගි වු වැඩසටහන අනුරගේ ඉල්ලිම මත රනිල් වික්‍රමසිංහ විකාශය නතර කිරිමටද කටයුතු කලා. (එම කතාව මෙතනින් බලන්න – අනුරගේ රේද්ද ගැලවෙයි – කුමාර් ගුණරත්නම්ට සත්‍යාගාරයේ දොර වහයි)

පසුගියදා උසස් තාක්ෂණ (එච්එන්ඩීඒ) උපාධි පාඨමාලාවට හිමි වටිනාකම නැවත බලාත්මක කිරීම, උසස් තාක්ෂණ සිසුන්ටද මහපොළ වාරිකාය වැඩි කිරීම, මුදලට උපාධි විකිණීම නතර කිරීම හා ශිෂ්‍ය මර්දනය නැවතීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නියැලිමත් එම විරෝධතා ව්‍යාපාරයන් දිගින් දිගටම මතුවිමත් විශේෂයෙන්ම උතුරේ සිසුන් පවා එම උද්ඝෝෂණ වලට සහය පලකිරිම ආණ්ඩුව අන්ද මන්ද කිරිමට සමත්ව තිබුනා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද හදිසියේම අත් අඩංගුවට ගැනිම පසුපස සිද්ධින් කිහිපයක්ම ඇති බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු අනාවරණය කර තිබුනා.

Poster_chawa

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය යන නමින් චාවකච්චේරි ප්‍රදේශයේ අලවා තිබු පොස්ටර්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලය උතුරේද යම් ප්‍රමාණත්මක ආකරයට වර්ධනය වි ව්‍යාප්ත් වි තිබිම උතුරේ දේශපාලන හැසිරිමෙදි තමන්ට බාදකයක් විමට ඉඩ ඇති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාද අගමැතිවරයාගේ අවධානයට යොමුකර තිබිම.

නොවැම්බර් 26 විරුවන් අනුස්මරණය කිරීම යනුවෙන් සඳහන් පෝස්ටර් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය යන නමින් චාවකච්චේරි ප්‍රදේශයේ අලවා තිබිම හා එහි “මෙය විරුවන්ගේ මාසයයි” යන වාක්‍යය සහ මාංචු කඩා බිඳ දමන දෑතක ඡායාරූපයක්ද එහි මුද්‍රණය කර තිබිම දමිළ නිදහස වෙනුවෙන් දිවිදුන් විරුවන් (ත්‍රස්තවාදීන්)  සම්බන්ධයෙන් උතුරේ තරුණයන් ගේ මානසිකත්වය වෙනස් කිරිමට සමත් වන බවද ආර්.සම්බන්ධන් සදහන් කර තිබේ.

2011 වසරේ යාපනයේදී පැහැරගැනීමෙන් පසු අතුරුදහන් වූ ලලිත් කුමාර් වීරරාජ් තවමත් ද්‍රවිධ ජාතික සන්ධානයේ අවශ්‍යතාව මත රහසිගතව සිරකරගෙන සිටින බවට මිට දින 5කට පමණ පෙර අනාවරණය කර ගැනිමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සමත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් රජයෙන් තොරතුරු විමසිමට සුදානම් වෙමින් සිටි බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණ කළා.

Top