Featured

කුරුණෑගල එජාප ජනතා නියෝජිතයෝ 50ක් මහින්ද හමුවේ-අපේක්ෂකයන් දෙදෙනෙකු රනිල් අත්හරී!

කුරුණෑගල දිස්ත්‍රික් පළාත් සභා,ප්‍රාදේශිය සභා,නගර සභා එජාපය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 50ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවි සාකච්ඡා කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ඊයේ මෙම හමුව පැවති අතර ඉදිරි මහා මැතිවරණයේදි රට නිවැරදි දිශාවට මෙහෙය විමට හැකි එකම නායකත්වය මහින්ද රාජපක්ෂ බැවින් එතුමන්ට සහය හැකි පමණින් ලබාදිමට තමන් කටයුතු කරන බවද ඔහුන් පවසා තිබේ.

මැතිවරණයේ තීරණාත්මක අවස්ථාවේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඒලිපිටම පෙනී සිටිම දෙවරක් නොසිතන බවද ඔහුන් පවසා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ලැයිස්තුව නියෝජනය අපෙක්ෂකයන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රාදේශිය මන්ත්‍රි හමුව සංවිධානය කර තිබෙන අතර එහි සම්බන්ධිකරණ කටයුතු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සන්ධානයෙන් වයඹ පළාත් මහා ඇමති ලෙස පත්වු දයාසිරි ජයසේකර බවද අප වාර්තාකරු අනාවරණය කළා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අකීල විරාජ්ට පමණක් පත්තෙන් බෙදා අනිකුත් අපෙක්ෂකයන්ට කණ් හැන්දෙන් බෙදන බවයි එම අපෙක්ෂකයන් දෙදෙනා පෙන්වා දි ඇත්තේ.

Top