Breaking
24 Feb 2025, Mon

කුරුණෑගල ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා විශාල තොගයක් පාලු පොල් ඉඩමක-රනිල්ගේ හොර ඡන්ද ගැන මැකොට ලියයි

අද සවස ජවිපෙ පක්ෂ කාර්යාලයට පැමිණි ලාල් කාන්ත එහි සිටි මාධ්‍යවේදීන් පිරිසකට පවසා ඇත්තේ “මහින්ද රාජපක්ෂට එරෙහිව ප්‍රබලම මතයක් දියත් කළ, යහපාලනය වෙනුවෙන් කැප වුණ, උගත් බුද්ධිමත් අපේක්ෂකයින්ව පත් කළ, රටේ උගත් බුද්ධිමත් ඡන්ද දායකයින්ගේ ආකර්ශනය දිනා ගත්, ජවිපෙ මෙතරම් පසුබෑමකට ලක්ව තිබියදී, මහ බැංකු වංචාවෙන් මුළු රටේම ගැරහීමට පාත්‍ර වූ එජාපය මෙවන් ජයග්‍රහණයක් ලැබීම විශ්වස කරන්න බෑ” යනුවෙනුයි.

ඒ අතරතුරදී එතනට පැමිණි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වහාම එම සංවාදය නවත්වා ඇත. ඒ බව අනුර කුමාර විසින් රනිල් වික්‍රමසිංහටත් දැන්වුවේය. එහි සිදුවූ කිසිවක් ප්‍රචාරය නොකරන ලෙසට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සියලුම මාධ්‍යවේදීන්ට වෙන වෙනම නියෝගය ලැබී තිබේ.

මේ වන විට අපට ලැබී ඇති තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේණ විසින් විධායක ජනපති බලය යොදවමින් මහින්ද රාජපක්ෂ විශාල වශයෙන් දිනා ඇති සියළු ඡන්ද කොට්ඨාස පරතරය අඩු කර පළ කරන ලෙස මැ.කෝ ට පවසා ඇත.

එම සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම යූ.න්.පී ඉතාමත් පසු බෑමකට ලක්ව ඇති අතර සන්ධානේ ජය විශාල පරතරයන් සම මට්ටමේ තබා යූ.න්.පී දිනා ඇති ආසන එසේම තබන ලෙස අණ කර ඇත.

මේ වන විට සියළු දේ යූ.න්.පී දිනවීමට කටයුතු කලද ජේ.වී.පී ඔවුනට අමතක විය. දැන් වන විට ඔවුන්ට එහි සිටින නිළධාරීන් පවසා ඇත්තේ යහපාලනය වෙනුවෙන් හඩ නැගූ ජේ.වී.පී අන්ත පරාජය නිසා යහපාලනය මෙවර ලොකු වෙනසකින් දිනූ බව රට වැසියාට පෙන්විය නොහැකි බවයි. මුලදී සඳහන් කළ ලාල්කාන්තගේ හඬ ඊට උදාහරණයකි.

මේ වන විට සන්ධානේ ඡන්ද නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදා ඇත්තේද යූ.න්.පී මිලදී ගත් පුද්ගලයන්ය.

මහින්ද මහතාගේ ජය මේ වනවිට පරාජයක් කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

කුරුණෑගල ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා විශාල තොගයක් පාලු පොල් ඉඩමක වලක තිබී හසු විය. එම තොරතුරුත් මාධ්‍ය මගින් පෙන්වීම වලක්වා ඇත. නමුත් සමාජ ජාල වලින් එහි පින්තූර හැකි විගස අප පළ කරන්නෙමු.

මැතිවරණ නිරික්ෂණ මුවාවෙන් ඡන්ද කොල්ලයකට සුදානමක්! තිබෙන බව අප පසුගිය අගෝස්තු 7 වැනිදා වාර්තාකර තිබුනා.

[box type=”warning” ]පරාජයෙන් වියරූ වැටි සිටින එක්සත් ජාතික පක්ෂය මැතිවරණ් නිරික්ෂණ කණ්ඩායම් කිහිපයක් එක් කරගනිමින් මැතිවරණයේ ඡන්ද කොල්ලයකට සුදානම් වනබව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.[/box]

මැතිවරණ නිරික්ෂණ මුවාවෙන් ඡන්ද කොල්ලයකට සුදානමක්! කියවන්න

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.