Featured

කුරේගේ අල්ලපු වත්තටයි -පය ගහපු වත්තටයි දෙකටම කෙලවේ

කලක් සජිත් පිළේ න්‍යායධරයෙකු ලෙස සිට පසුව පුර්ණ රනිල් වාදියෙකු වු ක්‍රිෂාන්ත කුරේ මහතාව ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.

විරුද්ධවාදීන්ට සලකන, තමන් වෙනුවෙන් සටන් කළවුන්ට එලව එලවා පහර දෙන ජහපාලන මෛත්‍රියේ නවතම ගොදුර බවට පත්ව ඇත්තේ ක්‍රිෂාන්ත කුරේ වන අතර මෛත්‍රීගේ නියෝග මත ටෙලිකොම් හා මොබිටෙල් ආයතනවල සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු කුමාරසිංහ සරිසේන මහතා විසිනි.

එජාප මාධ්‍ය අංශයේ ප්‍රධානියා වන ක්‍රිෂාන්ත කුරේ පසුකාලීනව රනිල් වික්‍රමසිංහ මහතාගේ හොදහිත හොදින්ම දිනාගත් සජිත් වාදින්ට එලවා…එලවා පහරදුන් අයෙකි.

ක්‍රිෂාන්ත කුරේ ලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරිමට මෛත්‍රීපාල කටයුතු කරන බව දැනගත් රනිල් වික්‍රමසිංහ පසුගියදා නිදහසට කිසිදු කරුණක් නොපවසන ලෙස තර්ජනය කරමින් හිල්ටන් හෝටලයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වහාම ඉල්ලා අස්‌වන ලෙසට නියෝග කර සිටියේ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සභාපතිත්වයෙන් නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කිරීමටය.කියවන්න –රනිල්ට හිල්ටන් ගාය හැදේ -අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට තර්ජනය කර එලවලා

නමුත් මේ වනතෙක් එම පත්කිරිම සිදුකර නැති අතර ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ සමග සමිප සබඳතාවයක් ඇති හිටපු සභාපතිනිය එම ධූරයෙන් ඉවත් නොවන බවට දැඩි ප්‍රතිපත්තියක සිටින නිසාවෙනී.ඒ අනුව ඒ තනතුරද ඔහුට ලැබීම දැන් ස්ථිර නැති අතර ක්‍රිෂාන්ත කුරේට දැන් අල්ලපු වත්ත හා පය ගහපු වත්තයි දෙකම නැති වි තිබේ.

Top