Breaking
17 Apr 2025, Thu

කෙප්ප රනිලාගේ ටොම් පචය අතේ මාට්ටු

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම වික්‍රමසිංහ මහතා අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) වන අතර එය ජපන් භාෂාවෙන් මෙය ශුගීන් ලෙස හැදින්වේ.

අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් වන අතර එය අගමැතිවරයා ජපාන පාර්ලිමේන්තුව අැමතූ බවට ප්‍රචාරය කිරීම සත්‍ය විකෘති කිරීමකි.
මීට පෙර ශ්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රීවරුන් අමතා අැති නිසා එසේ කළ ප්‍රථම ශ්‍රී ලංකික රාජ්‍ය නායකයා වික්‍රමසිංහ මහතාද නොවේ.

මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා අැති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.

මේ වනවිට ජපානයේ විදේශ අමාත්‍යාංශය මෙම විකෘති කළ පුවත පිළිබදව සැබෑ තතු හෙළිකිරීමට සූදානම්ව සිටියි.
මෙහි දැක්වෙන්නේ චීනල භූතාන සහ වියට්නාම රාජ්‍ය නායකයින් ජපානයේ ඉහළ මන්ත්‍රණ සභාව හෙවත් ඩයට් සභාව අැමතූ අවස්ථා කිහිපයක, ජපාන පාර්ලිමේන්තු සභා ගර්භ ඡායාරූප සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය පල කර තිබූ ඡායාරූපයකි.

සමීර S. ගජධීර
ජපානයේ ටෝකියෝ නුවර සිට

Japan1 Japan2 Japan3

 

 ආණ්ඩුවේ පට්ට කෙප්ප  JP

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.