Breaking
24 Feb 2025, Mon

කේප්ප සිරාගේ තවත් බොරුවක් අතේ මාට්ටු

තමන්ගේ පවුලට කරදර නොකර සිටින්නේ නම් දේශපාලනයෙන් ඉවත් වන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පැවසු බවට දෙකයි පනහක් නොවටිනා බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇතැයි කියමින් ජනාධිපති මාධ්‍ය එකකයේ අට පාස් නැති ගොබිලෙකු විසින් රටේ තනකොළ කන පත්තර හා වෙබ් පඩත්තලයන් හරහා පලකර ඇති වාර්තා සම්පූර්ණ අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයා අප විශේෂ වාර්තාකරුවෙකු සමග අනාවරණය කර තිබේ.

අවසාන මොහොතේ ආප්ප කා අරලියගහ මන්දිරයෙන් ගිය සහ රට බෙදිමට කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන වැන්නේකු විශ්වාසය කිරිමට තරම් තමන් කොන්ද පණ නැති අයෙකු නොවන බව මෛත්‍රී මතක තබාගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

තමන් ඇතුලු පවුලේ සියලුම සමාජිකයන් සිරගත කලද අනාගත පරම්පරාව වෙනුවෙන් රණවිරුවන් දිවි දෙවැනි කොට බේරාගත් මාතෘ භුමිය කිසිදිනක පාවාදිමට ඉඩ නොතබන බවත්….අනිත් අතට මෛත්‍රී වැන්නේකු කියින කිසිම දෙයක් මේ රටේ ජනතාව විශ්වාසය නොකරන බවද මහින්ද රාජපක්ෂ මහතා අප වාර්තාකරුට සදහන් කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.