Breaking
25 Feb 2025, Tue

කේවටට්ටයන් පන්නන්න කෙවිට අතට ගමු

ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් විය. නැවත ඒ මහින්ද රාජපක්ෂම අගොස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජනවරමක් ඉල්ලා සිටියේය. ඒ වනවිට කුජීත වී සිටි දයාන් ජයතිලක සහ සරත් නන්ද සිල්වා වැනි කේවට්ටයන්ගේ උපදෙස් අනුව අනුන්ගේ ඉඩම්වල කූඩු තැනීමට මහින්ද ක්‍රියාකරමින් මෛත්‍රීගේ නායකත්වය ඇති SLFP එක සහ UPFA එකෙන් ම ඡන්දය ඉල්ලුවේය. අන්තිමේදී මෛත්‍රීගේ නීතීඥවරැන් ජාතික ලැයිස්තුව මහ දවල් පැහැර ගන්ද්දී මහින්දත් ඔහුගේ කේවට්ට උපදේශකවරැන් වන දයාන් ජයතිලක සහ සරත් නන්ද සිල්වා වැනි අය පැස්බරා මෙන් හිස හංගා ගත්තේය. ජනාධිපතිවරණයෙන් පැරදී සිටි මහින්දට පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 48ක් පමණ ඡන්ද එකතු කර ගැනීමට හැකි වුවත් අද වන විට මහින්ද සමග සිටි මනූෂ නානායක්කාර වැනි ගොබිලන් මහින්දව අත්හැර දමා මහින්දට කොකා පෙන්වමින් තනතුරැ වෙනුවෙන් පෙනී සිටී.හම්බන්තේට මහින්ද අමරවීරත් මහින්දට කොකා පෙන්නයි.

මේ යහපාලකයන් කොපමණ කපටිද යත් රනිල්ගේ ඇමතිවරැ ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරද්දී ජනාධිපති මෛතී විසින් ඒ අයිතිවාසිකම් යළි ලබා දෙයි. එවිට ජනතාව කල්පනා කරන්නේ මෛත්‍රී ජාතික වීරයෙක් බවයි. පවතින අයිතිවාසිකම් අහිමි කරන්නේත් මෛත්‍රීමය. නැවත ඒ අයිතිවාසිකම් ආපසු දෙන්නේත් මෛත්‍රීමය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඒ නිසාය.

මහින්ද රාජපක්ෂ එදා මෙන්ම අදත් නීති කේවට්ටයන්ට සහ දයාන් ජයතිලක, සරත් නන්ද සිල්වා වැනි උද්දච්චයින්ගේ කීමට අනුව කටයුතු කරමින් විහින් අමාරැවේ වැටෙනු පෙනේ.මහින්ද වාදීන් එකා බැගින් මෛත්‍රී විසින් බා ගනිද්දී මහින්ද ට කරගත හැකි දෙයක් නැත්තේ අනුන්ගේ ඉඩම්වල ගෙවල් හදන්නට උපදෙස් දුන් දයාන් ජයතිලකලා නිසාය. එදා මහින්ද සමග සිටි දිවයින් පුවත් පතේ ගාමිණි සුමනසේකර අද මෛතීර්‍ෙග් උපදේශකයෙකි. ලාංකිකයන් තරම් බලයට සහ නිලයට කෑදර ජාතියක් ලෝකයේ සිටිය නොහැකිය.

2015 අගොස්තු පාර්ලිමේන්තු මැත්වරණයේදී මහින්ද වෙනම ඡන්දයට ගියා නම් අද මන්ත්‍රීවරැන් 80ක් විතර තියාගෙන විපක්ෂ නායක ලෙස කොන්ද කෙළින් තියාගෙන ඉන්න තිබුණේය. ගිය නුවණ ඇතුන් ලව්වාවත් අද්දවා ගත නොහැකිය. මහින්ද තව දුරටත් දයාන් ජයතිලක වැනි ෆෙඩරල්වාදීන්ගේ පදයට නටන්නේ නැතිව නිදහසේ හිතන්න පටන් ගත යුතුය.

අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද වෙනුවෙන් ඡන්ද දායකයන් ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සනාධානයටයි. මහින්ද වෙනුවෙන් අගොස්තු 17 ඡන්දය දුනනේ මහින්ද ඉදිරිපත් වූ කුරැණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පමණක් නොවේ. මුළු රටේම කළගුණ දත් ජනතාව මහින්ද වෙනුවෙන් UPFA එකට ඡන්දය දුන්නේය. නමුත් අවාසනාව වන්නේ ඒ ඡන්ද ලක්ෂ 48ට සාධාරණය ඉටු කිරීමට මහින්දට නොහැකි වීමය. මහින්ද රාජපක්ෂ අනාගතය දුටුවේ නම් ඒ ලක්ෂ 48 වෙනත් අය ප්‍රයෝජනයට ගන්නා බව දැකිය යුතු විය. නමුත් මහින්දට ලණුදුන් කේවට්ටයන් මහින්දට පාලනය කළ නොහැකි එක්සත් ජනතා නිදහස් සනාධානයෙන් ඡන්දය ඉල්ලීමට සළස්වා මහින්ද වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ 48ම පාවාදුන්නේය. තවදුරටත් මේ කේවට්ටයන්ට හසු වෙමුද?

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.