Breaking
24 Feb 2025, Mon

කොටි උපදේශක ෂිවා පසුපති යාපනයට පැමිණීම සහ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කිරීමේ උත්සාහය

අතීතය අමතක කළ නොහැකිය- ප්‍රංශ ලේඛක වික්‌ටර් හියුගෝ

පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ බවට පත් කළ යුතු යෑයි පැවසූවේ කොටි සංවිධානයි. තමිල් ඊළම් යානා පලාලි වෙත පැමිණීමේ සිහිනය සැබෑ වන බව කීවේ කොටි දේශපාලන නායක තමිල් සෙල්වම්ය.

මෙයට මාස කීපයකට පෙර උතුරේ තරුණ තරුණියන් පිරිසක්‌ ඉන්දියාවට ගොස්‌ ගුවන් තොටුපළවල් වල කටයුතු පුහුණු විය. එහෙත් ඒ කුමක්‌ සඳහා දැයි නිසි විමර්ශනයක්‌ සිදු වූයේ නැත.

පලාලි යනු දේශීය ගුවන් තොටුපළක්‌ මෙන්ම හමුදා ගුවන් තොටුපළකි. යාපන අර්ධද්වීපය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුමේදී හමුදා යානාවලට මහත් පිටිවහලක්‌ වූයේ පලාලි ගුවන් තොටුපළයි.

සබැදී අනවරණය –ඊළාම් සදහා ජාත්‍යන්තර ගුවන්තොටුපලක්!

එහෙත් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ බවට පත් කිරීමේ යෝජනාවක්‌ ද්‍රවිඩ සන්ධානය රජයට ඉදිරිපත් කර තිබුණි. එම යෝජනාවට රජය එකඟ වූ බව තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජාද මෑතකදී පවසා ඇත. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ බවට පත් කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ කරන්නේ ඔවුන්ගේ අභිරහස්‌ න්‍යාය පත්‍රයේ එක්‌ ඉලක්‌කයක්‌ ඉටු කර ගැනීමට බව පැහැදිලිය.

එවිට පලාලි ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා පාලනය යටතට පත් වේ. එහි හමුදා යානා හෝ ප්‍රහාරක හෙලිකොප්ටර් ගොඩබෑමද තහනම් වනු ඇත.

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කිරීමෙන් ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ට කටුනායක පැමිණීමට අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ලෙස පලාලි සිට ඕනෑම රටකට යාමේ ඉඩකඩ ඉන් ලැබේ.

මේ නිසා පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ බවට පත් කිරීම ඉදිරි අනතුරක්‌ ගැන තහවුරු කරයි. මෙය තවදුරටත් සනාථ වන්නේ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්ගේ ක්‍රියාදාමයයි. ශ්‍රී ලංකා රජයේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔහු පසුගියදා මෙරට හිටපු නීතිපති ශිවා පසුපති ව යෝජනා කළේය.

මේ ශිවා පසුපති කවුරුන්ද?

කොටි සංවිධානය සිය උපදේශක ලෙස පත් කර තිබුණේ ශිවා පසුපති යි. වන්නි මෙහෙයුම යටතේ ශිවා පසුපති එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඉල්ලීමක්‌ කරමින් මෙහෙයුම නතර කිරීමට මැදිහත් වන ලෙස කියා සිටියේය.

ඕස්‌ට්‍රේලියානු පුරවැසියකු වූ ශිවා පසුපති දැන් යාපනයට පැමිණ ඇතැයි වාර්තා වේ.

2003 වසරේ කොටි දේශපාලන කටයුතු කමිටුවේ සාමාජිකයකු ලෙස ප්‍රභාකරන් විසින් ෂිවා පසුපතිව පත් කර තිබුණි.

කොටි සංවිධානයේ අන්තර් වාර පාලන යෝජනා සඳහා මැලේසියානු මහාචාර්ය රාමසාමි සමග එක්‌ වී කෙටුම්පතක්‌ සකස්‌ කළේද ෂිවා පසුපතියි.

එම යෝජනාවලින් ඉලක්‌කය වුයේ තමිල් ඊළමයි. එහෙත් වසර 12 කට පසු ශිවා පසුපති මතු විය.

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ඔහුට පවරා ඇති රාජකාරිය නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සඳහා යෝජනා සකස්‌ කිරීමයි.

මේ පසුබිම මැද කොටි උපදේශක ලෙස කටයුතු කළ ශිවා පසුපති මෙන්ම විග්නේශ්වරන් ඇතුළු පිරිස උත්සාහ කරන්නේ බෙදුම්වාදී ඉලක්‌කය වෙත යැමට නොවේද?

මෙලෙස ඔස්‌ටේ්‍රලියානු පුරවැසියකුට මෙරට ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකිද?

ශිවා පසුපති නැමැති කොටි උපදේශකයාගේ අනික්‌ ක්‍රියාදාමය ජනතාවගේ දැන ගැනීමට අපි හෙළි කරන්නෙමු.

1. 2009 පෙබරවාරි 19 දා ෂිවා පසුපති තමා ඕස්‌ට්‍රේලියානු මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානියා ලෙස හඳුන්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ජාති ඝාතනයන් සිදු වන බවත් එය නතර කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙසත් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත හදිසි සන්දේශයක්‌ යවමින් ඉල්ලා සිටිම.

2. 2009 මාර්තු 19 දා ෂිවා පසුපති හා කොටි හිතවාදී මැලේසියානු මහාචාර්ය රාමසාමි එක්‌ වී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක්‌ යවමින් වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ යවන ලෙස ඉල්ලීම.

3. කොටින් වෙනුවෙන් අන්තර්වාර පාලන යෝජනාවලිය කෙටුම්පත් කරමින් ශ්‍රී ලංකාවේ 2/3 ක සාගර කලාපය කොටින්ට හිමි කරදීමට උත්සාහ කිරීම.

4.වන්නි මෙහෙයුම පිළිබඳව විමර්ශනය කිරීමට නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ යවන ලෙස ඕස්‌ටේ්‍රලියානු රජයෙන් ඉල්ලීමක්‌ කිරීම.

5. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.9 ක මූල්‍ය ආධාරයක්‌ ලබා දීම නතර කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීමක්‌ කිරීම (මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය අප සතුව ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙවන් ද්‍රෝහි ක්‍රියා සිදු කළ ශිවා පසුපතිට දැන් ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට යැමට ඉඩ ලැබී තිබේ. එසේම ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසින් ශිවා පසුපති නම් කර ඇත.

එහෙත් කොටින් වෙනුවෙන් අන්තර්වාර පාලන යෝජනාවලිය කෙටුම්පත් කළ ෂිවා පසුපති කෙරේ විශ්වාසය තැබිය හැකිද?

-කීර්ති වර්ණකුලසූරිය-

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.