Featured

කොටි එලියට,මහින්දගේ,ගොඨාගේ ජිවිත අනතුරේ

පසුගිය කාලයේදි රට ලේ විලක් කිරීමට සෘජුව හා වක‍්‍රව දායක වූ කොටි ත‍්‍රස්ථවාදින් මෙලෙස මුදා හැරීම අප අතින් සිදුවූ ෙඓතිහාසික වරදක් වනු නොඅනුමාන බව ආරක්‍ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග අවධාරණය කර සිටි.කොටි ත‍්‍රස්තවාදී සැක කරුවන් මුදා හැරීම හිටපු ජනාධිපතිවරයාගේත් ආරක්‍ෂක ලේකම්වරයාගේත් ආරක්‍ෂාව අනතුරේ දැමිමක් බවයි මන්ත්‍රිවරයා අවධාරණය කර ඇත්තේ.

ආරක්‍ෂක ලේකම්තුමා,
ආරක්‍ෂක අමාත්‍යාංශය,
කොළඹ.

ලේකම්තුමනි,

කොටි ත‍්‍රස්ථවාදි සැක කරුවන් නිදහස් කිරීම සහ ජාතික ආරක්‍ෂාව

දශක 03 ක් පුරා පැවති යුද්ධයේ අවසන් කාල සිමාවේදි අත්අඩංගුවට ගැනුනු කොටි ත‍්‍රස්ථවාදීන් පිරිසක් මුදා හැරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මෙම මුදා හැරීම සිදුවන්නේ දැනට අත්අඩංගුවේ පසුවන කොටි ත‍්‍රස්ථවාදින්ගේ සහ දෙමළ ජාතික සංධානයේ ඉල්ලීමට අනුවය මුදා හරින ලෙස ඉල්ලූ කොටි ත‍්‍රස්ථවාදීන් කිහිප දෙනෙකු පසුගිය දිනක අධිකරණ ක‍්‍රියාමාර්ගයක් හරහා මුදා හැර තිබූනි. මෙලෙස මුදා හරින ලද සහ මුදාහැරීමට නියමිත කොටි ත‍්‍රස්ථවාදින් අතර හිටපු විදේශ අමාත්‍ය ලක්ෂමන් කදිරගාමර් කැබිතිගොල්ලෑව බස් බොම්බය ඇතුළු ප‍්‍රධාන පෙලේ ඝාතන සිද්ධින් වල සැකකරුවන් ඇතැයි වාර්තාවී තිබේ.

කොටි සැකරුවන් මෙලෙස මුදා හරින්නැයි දෙමළ ජාතික සන්ධානය රජයට බල කලේ පසුගිය ජනාධිපතිවරණ කාලයේදි තමන්ට වූ පොරොන්දුවක් අනුවය. දෙමළ ජාතික සන්ධානයේත් කොටි ත‍්‍රස්තවාදීන්ගේත් ප‍්‍රකාශවලින් එය සනාථවේ. ඒ අනුව මෙම කොටි ත‍්‍රස්ථවාදින් මුදා හැරීමේ ක‍්‍රියාදාමය පසුගිය ජනාධිපතිවරණ සමයේදි දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇතිවු එකඟතාවයක ප‍්‍රතිඵලයක් බව පැහැදිලිය. යූ.එන්.පී. – ටී.එන්.ඒ. ගිවිසුමක් නැතැයි. කීවද මේ ඉටුවෙමින් පවතින්නේ එම ගිවිසුමේ කොන්දේසි බව පෙනේ

කොටි ත‍්‍රස්තවාදීන් මුදා හරින ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය පසුගිය සිකුරාදා උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කළ අතර එමගින් උතුරු නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය. ඉන් තහවුරු වුයේ ආණ්ඩුවට උතුරු නැගෙන හිර ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට නොහැකි බවයි.

ආරක්‍ෂක ලේකම්තුමනි

පසුගිය කාලයේදි රට ලේ විලක් කිරීමට සෘජුව හා වක‍්‍රව දායක වූ කොටි ත‍්‍රස්ථවාදින් මෙලෙස මුදා හැරීම අප අතින් සිදුවූ ෙඓතිහාසික වරදක් වනු නොඅනුමානය. මොවුන් මෙලෙස මුදා හැරීම නිසා රටේ ජාතික ආරක්ෂාවත් ජනතාවත් අනතුරේය එමෙන්ම මේ නිසා දශක 03 ක යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත්, යුද්ධයට නායකත්වය දුන් ආරක්‍ෂක ප‍්‍රධානින්ගේ හා ඔවුන්ගේ පවුල්වලත් ආරක්ෂාවට තර්ජන එල්ලවී තිබේ. දෙමළ ඩයස්පෝරාවත් බටහිර රටවලූත් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ලා සහා එවකට ආරක්ෂක අංශ ප‍්‍රධානින් සමග පසුවන්නේ වෛරයෙනි. ඒ නිසා යුද්ධය අවසන්ව ඇතත් අවදානම අවසන් වී නැත. එය ආණ්ඩුව වටහා ගතයුතුව තිබේ. ආණ්ඩුව වහාම හිටපු ජනාධිපතිවරයාගේත් ආරක්‍ෂක ලේකම්වරයාගේත් ආරක්‍ෂාව තහවුරු කළ යුතුය. කොටි ත‍්‍රස්තවාදී සැක කරුවන් මුදා හැරීම ඔවුන්ගේ ආරක්‍ෂාව අනතුරේ හෙලීමකි.

යහපාලන ආණ්ඩුව රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිවට ප‍්‍රතිපත්තියකි ඔවුන්ගේ අපේක්ෂාව රටට හෙන ගැහැහුවද සිය බලය රැක ගැනීමයි. රටත් ජනතාවත් අනතුරේ දමමින් කොටි ත‍්‍රස්තවාදීන් හුරතල් කිරීමට ඔවුන් මේ කටයුතු කරන්නේ ඒ නිසාය මේ නිසා රටට නිදහස ලබා දුන් හිටපු ජනාධිපතිවරයාගේත් ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් ජීවිත අවධානමේ දැමීමට යහ පාලන ආණ්ඩුව කටයුතු කර ඇත. එය වහා නතර කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු යුද්ධයට නායකත්වය දුන් ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන්ගෙත් රණවිරුවන්ගෙත් පොදුවේ සමස්ථ ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරු කිරීමට වහා පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.

ස්තූතියි,
මෙයට- සේවයට කැපවූ,

ප‍්‍රසන්න රණතුංග
ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී,
කැදවුම්කරු – ඒකාබද්ධ විපක්‍ෂය.

Top