Breaking
25 Feb 2025, Tue

කොටි ත්‍රස්තවාදින්ගේ යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර විනිසුරන් -සිරිසේන බැංකිට පොරොන්දු වු බව TNA කියයි

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් සහ ඉන් පසුව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් ද දායක කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාධනීය පියවර ගනු ඇති බවට ජගත් මහ ලේකම් වරයා විශ්වාසය පල කළ බවත් ජනාධිපතිවරයා සහ ජගත් මහ ලේකම් වරයා අතර සිදුකල ද්විපාර්ශවීය සාකච්ඡාවලදි ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කල විමසිමේදි ඔහු අකමැත්ත පල නොකල බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් යාපනයේ දී මාධ්‍යවේදීන් හමුවේ තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගිවිස ගත් පරිදි යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයේ විශ්වසනීය භාවය තහවුරු කිරීමට නම් විදේශීය විනිශ්චයකාරවරුන් සහ අභිචෝදකයන් ඇතුලත් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සමග මහ ලේකම් බැංකි මූන් සාකච්ඡා කළ බවත් ශ්‍රිලංකා රාජ්‍ය නායකයන් එක්සත් ජාතින්ගේ එකඟතාවන් වලට දැඩි ලෙස කැමත්ත පලකල බවද මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

ජනතාවට කෙප්ප පවසන සිරිසේන පසුගියදා ගූ කන මාධ්‍ය ප්‍රධානින් ගෙන්වා කියා සිටියේ මානව හිමිකම් මණ්ඩල යෝජනාව සම්බන්ධයෙන් මහලේකම් වරයා කිසිත් කතා නොකළ බවයි.ඒ අනුව තවදුරටත් රට පාවාදිමේ පියවරක් පසුගියදා බැංකි මූන් සමග කරට අතදාගේන ක්‍රියාත්මක කර තිබේන බව නොරහසකී.

සිරිසේනගේ පඩත්තල කතා

‘කිසිදු අවස්ථාවක විදේශයන්ට අවශ්‍ය පරිදි මෙරට රාජ්‍ය පාලනය කළමනාකරණය කිරීමට අපි ඉඩ තබන්නේ නෑ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළත් මෙරට අධිකරණයට විදේශියවිනිසුරුවරුන් ලවා නඩු විභාග කිරිමට ඉඩක් පවතින්නේ නෑ. එසේ හෙයින් එවැනි ව්‍යවස්ථා වගන්තියක් සංශෝධනයකටත් මං එකඟ නෑ.එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සභාව කිසිම තැනක යුද අධිකරණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර නෑ. ඒ නිසා මේ පතුරන අදහස් සියල්ල සාවද්‍යයි.’

පේරාදෙණියේ පැවති උත්සවයක් අමතමින්

කීර්ති වර්ණකුලසූරිය ලියු “තවත් මාස 9 කින් ලංකාවේ විදෙස් මැදිහත්වීමක් සහිත හයිබ්‍රීඩ් අධිකරණයක්”

‘යුද අපරාධ චෝදනා පරීක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබි‍්‍රඞ් අධිකරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ශ‍්‍රී ලංකා රජයට මාස නවයක කාලයක් ලබා දී ඇත.

මෙම හයිබි‍්‍රඞ් අධිකරණය මෙරට පිහිටුවීම සඳහා මානව හිමිකම් කොමසාරිස්ට දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය යෙදවූ ජාත්‍යන්තර විනිසුරුවන් හයදෙනා බව අනාවරණය වී ඇත.

මෙම නව මස තුළ ශ‍්‍රී ලංකාව හයිබි‍්‍රඞ් අධිකරණය පිහිටුවා එකී නඩු කටයුතු අරඹන්නේ කෙසේද යන්න නිරීක්ෂණය කරන මානව හිමිකම් කොමසාරිස්වරයා ඒ ගැන පූර්ණ වාර්තාවක් 2017 මාර්තු මස මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර එම හයිබ්‍රීඩ් අධිකරණයේ කටයුතු 2017 පෙබරවාරි මස ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාව තීරණය කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.එහෙත් ඊට පෙර දකුණු අප‍්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බර් මසදී පිහිටුවනු ඇත. එම කොමිසමට වරපදවල් සඳහා සමාව දීමේ බලතල ද හිමිවේ.’

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.