Featured

කොටි ත්‍රස්තවාදී නොවැම්බර් 07 නිදහස් නොකලහොත් තින්දුවක් ගන්නවා

නොවැම්බර් 07 වන දිනට පෙර දෙමළ දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන් යහපත් විසඳුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බා‍දුන් ‍පොරොන්දුව ආරක්‍ෂා නොකලහොත් දෙමළ දේශපාලන රැඳවියන් සමඟ ඒකාබද්ධ වී සටන් කිරීමට සිදුවනු ඇති බව දෙමළ දේශපාලන රැඳවියන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයෙකු වන දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අප්පාතුරෙයි විනායගමූර්ති යහපාලන රජයට අනතුරු අගවා තිබේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ගුණදාස අමරසේකර වැනි ජාතිවාදීන්ට බියවී දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කිරීමට රජය චකිතයක් දක්වන බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිරගත කර සිටින දෙමළ දේශපාලන රැඳවියන්ගෙන් 90% කගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී, ඔවුන් ලබාදුන් වාචික ප්‍රකාශ පදනම් කරගෙන වන අතර ඔවුන්ව කිසිඳු පදනමක් නොමැතිව සිරගත කර සිටින බවද ඔහු සදහන් කර තිබේ.

“ජනාධිපතිවරයා ලබා‍දුන් පොරොන්දුවට අනුව දෙමළ දේශපාලන රැඳවියන් තම මාරාන්තික උපවාසය අත්හැර ඇත. දෙමළ දේශපාලන රැඳවියන්ව හමුවීමට ගිය අවස්ථාවේදී, මා ඇතුළු දේශපාලඥයින් එම පොරොන්දුව දෙමළ දේශපාලන රැඳවියන් වෙත ප්‍රකාශ කලෙමු. ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව ඉටුකල යුතුය.”

“වාචික ප්‍රකාශ පදනම් කරගෙන සිරගත කර සිටින දෙමළ දේශපාලන රැඳවියන්ට පොදු සමාව ලබාදී නිදහස් කරන මෙන් අප රජයෙන් ඉල්ලා සිටින්නෙමු. ජනතා විමුක්ති පෙරමුණ සිදුකල කැරැල්ල හේතුවෙන් අත් අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට පොදු සමාව ලබාදී නිදහස් කර ඇත. ඒ අතර දඬුවම් හිමිවූ පුද්ගලයින්ද සිටියි. 2002 වර්ෂයේදී නීතිපතිවරයා ලෙස කමලසබේසන් කටයුතු කල කාලයේදී, වාචික ප්‍රකාශ පදනම් කරගෙන සිරගත කර සිටින සිරකරුවන්ව නිදහස් කිරීමට තීරණය කරන ලදි. එවකට ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ තිලක් මාරපන මහතාය. ඔහු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරයට පත්වී සිටියදීත්, එය ක්‍රියාවට නොනංවන්නේ ඇයි?”

Top