Breaking
24 Feb 2025, Mon

කොටි බුද්ධි “ලොක්‌කා” පැත්තක තබා …ආණ්ඩුව මාධ්‍ය මර්දණය දියත් කරයි…

කොටි බුද්ධි “ලොක්‌කා” මේ දිනවල ලංකාවේ යනුවෙන් දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ කල අනාවරණය සමග යහපාලන රට පාවාදෙන නඩය කුලප්පු වි තිබේ.ඒ අනුව මාධ්‍යවේදී සමන් ගමගේට ලබන 22 ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේන අතර ඒ සම්බන්ධයෙන් සමන් සිය facebook පිටුවේ තබා ඇති සටහන පහත දක්වා තිබේ.

මට තවත් ලියුමක් ඇවිත්.. ලබන 22 ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින්නලු.. හේතුව අවසන් සටන වෙලේ පැනල ගිය එල්ටීටීඊ ජෙයන්දන් බලකායට නායකත්වය දුන් මඩකලපුව හිටපු කොටි බුද්ධි නායකයා ආයෙත් ලංකාවට ඇවිත් ඉන්නවා කියල 2017-04-16 ඉරිදා දිවයිනට නිව්ස් එකක් ලියපු එක..

ඒ ගැන TID එක විමර්ශනයක් කරනවලු.. ඒ විමර්ශනයට අදාළ අවස්ථානුගත කරුණු මම දන්නවා කියල ලියපු නිවුස් එකෙන් අනාවරණය වෙනවලු… ඒ නිසා මගෙන් කටඋත්තරයක් ගන්න ඕනෙලු…

ඔවුන් හොයන්න ඕනේ ජෙයන්දන්වද? නැතිනම් මාවද?

කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් මට කියල දෙනවද මාධ්‍ය නිදහස කියන්නේ මොකටද කියල…

2017-04-16 ඉරිදා දිවයිනට ලියි ලිපිය ….

කොටි බුද්ධි “ලොක්‌කා” මේ දිනවල ලංකාවේ

සමන් ගමගේ

මඩකලපුව සන්දිවේලිහි එල්ටීටීඊ බුද්ධි අංශ ප්‍රධානියා සහ කොටින්ගේ ජෙයන්දන් බලකායේ නායකයා වූ ජෙයාත්දන් හෙවත් මොහාන්දාස්‌ නමැත්තා ඉකුත් සතියේ ධීවර යාත්‍රාවත් මගින් මන්නාරම ප්‍රදේශයට පැමිණ තිබේ. මොහු මන්නාරම වෙඩිතල්තිව් ප්‍රදේශයෙන් යළි මෙරටට ඇතුළු වී ඇතැයිද වාර්තා වේ.

එල්ටීටීඊය පරාජය කළ අවසන් මෙහෙයුම සමයේ පුදුමාතලන් සිට හොර රහසේ ඉන්දියාවට පලා ගිය ජෙයාත්දන් ඉන්දියාවේ සිට ලන්ඩනයට පැනගොස්‌ පසුගිය කාලයේ එහි ජීවත් විය.

මොහුගේ බිරිඳ ද අවසන් මෙහෙයුම ක්‍රියාත්මකව තිබියදී ඉන්දියාව පැන ගොස්‌ තිබුණු අතර ඇය දැනට දරුවන් සමඟ ඉන්දියාවේ රැඳී සිටී.

අවසන් සටනේදී යුද හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කළ කොටි කණ්‌ඩායම් අතර ජෙයන්දන් බලකාය ප්‍රධාන තැනක තිබුණු අතර එයට නායකත්වය දුන් ජෙයාත්දන් නොහොත් මොහාන්දාස්‌ නමැති ත්‍රස්‌තවාදියා පුනරුත්ථාපනය නොවූ කොටියකුද වේ.

මොහු මීට මාස දෙකකට පෙරද මේ අන්දමින් ඉන්දියාව හරහා මන්නාරමට පැමිණ ගොස්‌ තිබුණු අතර එම ගමනේදී මන්නාරමේ වළ දමා තිබූ එල්ටීටීඊය සඟවන ලද මුදල් තොගයක්‌ රැගෙන ගිය බවද සඳහන් වේ.

ජෙයාත්දන් යනු මොහුට එල්ටීටීඊ සංවිධානය විසින් ලබා දී තිබූ නම වන අතර මොහුගේ නියම නම මොහාන්දාස්‌ ලෙසද ඒ දිනවල ආරක්‍ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

ජෙයාත්දන් නමැති මෙම කොටි ත්‍රස්‌තවාදියාගේ සොයුරියකද ඉන්දියාවේ බැංගලෝර්වල ජීවත් වන අතර මීට මාස කිහිපයකට ඉහතදී පැවති ඇගේ පුත්‍රයකුගේ විවාහ උත්සවයක්‌ සඳහාද ජෙයාත්දන් ලන්නයේ සිට මුදල් හුවමාරු සේවාවක්‌ හරහා විශාල මුදලක්‌ එවා තිබුණු බවද වාර්තා විය.

පොලිස්‌ විමර්ශන හමුවේ මේ වන විට ආරක්‍ෂක බුද්ධි සේවා කටයුතු දැඩි ලෙස බිඳ වැටීමකට ලක්‌ව තිබෙන නිසා මෙම ත්‍රස්‌තවාදියාගේ පැමිණීම සහ ඔහු පැමිණියේ කුමකටද යන්න මේ දක්‌වා ආරක්‍ෂක බලධාරින්ට වාර්තා වී නොමැති බවද සඳහන් වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.