Breaking
24 Feb 2025, Mon

කොටි මහවිරු දිනය සහ කොටින්ගේ නිල ඇඳුමින් යුත් ඡායාරූප ලග තබාගැනිමට අවසර ඉල්ලා ජිනිවා යයි

කොටි මහවිරු දිනය සැමරීමට සහ කොටින්ගේ නිල ඇඳුමින් යුත් ඡායාරූප නිවාසවල තබාගැනීමට ඉඩදිය යුතු බවට දැක්‌වෙන රජයේ සංහිඳියා බළකායේ භයානක නිර්දේශ ඇතුළත් වාර්තාව මානව හිමිකම් සැසිවාරයේදී අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව 34 වැනි මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කර ඇත්තේ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ ඇතුළු ඊළාම් ඩයස්‌පෝරාවය.

ඒ සඳහා ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීමේ අවසරය ලබා ඇති රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ ඊළාම්වාදීන් පිරිසක්‌ පෙබරවාරි 26 දා ජිනීවා නුවරට පැමිණේ.

34 වැනි මානව හිමිකම් සැසිවාරය පෙබරවාරි 27 ආරම්භ වන අතර විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 28 දා සැසිවාරය අමතනු ඇත.

ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ ශ්‍රී ලංකා රජය පත්කළ කමිටුවක වාර්තාවක්‌ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමේ අරමුණ වී ඇත්තේ එම වාර්තාව මාර්තු 24 දා මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවට ඇතුළත් කරගැනීම බවය.

එහි ඉලක්‌කය වී ඇත්තේ කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම, කොටි ස්‌මාරක ඉදිකිරීම, කොටි සුසාන භූමි සංරක්‌ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ අනුමැතිය ලබාගැනීමය.

මේ අතර ඊළාම් ඩයස්‌පෝරා කණ්‌ඩායමක්‌ මානව හිමිකම් කවුන්සිලයට අයත් රටවල් රැසක තානාපතිවරුන් හමුවී එහි සංහිඳියා කාර්ය සාධක බළකායේ නිර්දේශවලට සහාය වන ලෙස ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.