Breaking
24 Feb 2025, Mon

කොම්පියුටරයකට ලොග් වෙන්නවත් දන්නේ නැති අධ්‍යක්ෂ ජනරාල් lankanewsweb.today වෙබ් අඩවිය හැක් කරනවා කියලා තර්ජනය කරයි

සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට අවිධිමත් ලෙස විකට කලමණාකාරවරයකු බඳවා ගැනීම පිළිබඳ අප විසින් පසුගියදා පළ කළ පුවත හේතුවෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැඩි කෝපයට පත්වප ඇති අතර තමාට හිතවත් යයි සිතන නිලධාරීන් කිහිපදෙනකු කැඳවා කොහොමද මේ රහස් පිටට යන්නේ යනුවෙන් සද්දයක් දමා තිබේ.

සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ගෙන ඇති බවට අප කල අනාවරණය කළා.

තවද අදාළ පත්වීම ලද විකට කළමණාකරුවා ‘මට ඩීජී කිව්වා ඔය වෙබ් එකට ඔයාම වැඩක් දෙන්න කියලා, මම ඔය වෙබ් එක පැයෙන් හැක් කරන බවට ද ඔහු උදම් අනා ඇත. තවමත් ඔහුගේ පැය එළඹ නොමැති සෙයියාවක් පෙනෙන්නට තිබෙන අතර අධිකාරියේ අනෙකුත් නිලධාරීන් පවසන්නේ වෙබ් හැක් කරන්නට ඔහු වැනි ප්‍රාථමික දැනුමක් තිබෙන්නෙකු අඩුම තරමින් කොම්පියුටරයකට ලොග් වෙන්නවත් මුලින්ම ඉගන ගත යුතු බවයි.

ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඉහළම තනතුරු හොබවන්නන්ගේ වැටුප් ලක්ෂ ගණනින් වැඩිකර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජය කාලයේ සිට මෙලෙස තම වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දරුවද සැලකිය යුතු කාර්යක් නොකරන බව පවසමින් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේවෙතත් වත්මන් ඇමති නිමල්සිරිපාල නොමග යවමින් ප්‍රධානීන් කිහිප දෙනකු මෙසේ සිය වැටුප් වැඩි කර ගෙන ඇති බව අප පසුගියදා අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/14430

http://www.sinhala.lnwtoday.com/archives/13522

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.