Breaking
6 Feb 2025, Thu

කොරෝනා අස්සේ මහජන බැංකුවේ සභාපති වංගු ගහලා…. ජනතා සහන කොට උඩ සභාපති නිවාස සංකීර්ණ අරගෙන!

Published on: Jun 22, 2020 –මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ (Sujeewa Rajapakse) කොරෝනා සමයේ සිදුකර ඇති මුල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමුව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කොරෝනා සමයේ මුල්‍ය කටයුතු සියල්ලම අක්‍රියව තිබු අවස්ථාවක මහජන බැංකුවේ සභාපති ලෙස 2019 වසරේ දෙසැම්බර් අග පත්වු සුජීව රාජපක්ෂ කොළඹ අලුතින් ඉදිවන Havelock City නිවාස සංකීර්ණයෙ නිවාස කොටස් දෙකක් මිළදි ගැනිම සදහා මුදල් ගෙවා ඇති අතර ඒ වෙනුවෙන් මිලියන් 60 බැගින් ගෙවා තිබේ.

වත්මන් ජනාධිපතිවරයාගේ පත්විමෙන් පසු මුදල් අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සුජීව රාජපක්ෂ මහජන බැංකුවේ සභාපතිධූරය සඳහා පත් කල අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත් සේවය කර තිබේ.මිට අම්තරව සුජීව මෙරට ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටි.

මේ අතර සුදුසුකම් තිබේන අය සිටියදි මහජන බැංකුවේ HEAD OF CORPORATE BANKING ලෙස කටයුතු කරන සිංගප්පූරුවේද පුරවැසි භාවය ඇති අරුණී ගුණතිලක සමග පවතින සමීප සම්බන්ධය නිසා ඇය විශ්‍රාම නොයවා තවදුරටත් සේවය ලබා ගැනිම සදහා සභාපතිවරයා කටයුතු කිරිම පිලිබඳ අප්‍රසාදය පලවි ඇති අතර අදාල මුල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් ඇයගේද මැදිහත් විමක් ඇති බවයි දැනට වාර්තා වි ඇත්තේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.