Breaking
6 Feb 2025, Thu

“කොරෝනා” හමුවේ කොරවුන සියයට 60ක්! දෛනික වැටුප් ලබන්නන්ට කාගේ සරණද? එදාවේළ හම්බකරපු මිනිස්සුන්ට ජිවන සහනාධාරයක් ලබාදෙනු!

Published on: Mar 23, 2020- දෛනික වැටුප් ලබන පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙක් මේ වන විට අපහසුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් වෙනුවෙන් නොමිලේ අත්‍යවශ්‍ය ආහාර ලබාදිය යුතු බව මේ වනවිට සමාජ මතයක් බවට පත්ව අවසන්. සිවිල් සංවිධාන සහ සිවිල් පුරවැසියන් මේ සදහා උනන්දුවක් දැක්වුවද ඇදිරි නීතිය ක්‍රියාත්මක විම සහ වෛරසය පැතිර යැම පාලනය කිරිම සදහා ගෙන තිබේන ක්‍රියාමාර්ග හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවි සිටිමට හේතුව වි තිබේ.

රටේ ජනගහනයෙන් සියයට 60කට අධික පිරිසක් දෛනික වැටුප් ලබන අය වන අතර එයින් සියයට 25කට පමණ දින 15කට වඩා කිරිමට රැකියාවක් නොලැබෙන බවද වාර්තා වේ.

දෛනික වැටුප් ලබන පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙක් මේ වන විට අපහසුතාවයට පත්ව ඇති බව අද ඇදිරිනීතිය ඉවත් කල ප්‍රදේශ රැසක ජනතාව මුදල් නොමැතිව විවිධ ස්ථාන වල සිය කණකර බඩු උකස් තැබිමට රැස්ව සිටි අතර ඇතමුන්ට එම අවස්ථාවද ගිලිහි ගොස් තිබේ.

“වෙනදාට අඩුම ගානේ ඡන්ද කාලේට අපිට බඩු මල්ලක්වත් ලැබෙනවා.. මේ දවස් අල මුකුත් නෑ..”-

“මට ළමයි 5 දෙනෙක් ඉන්නවා.. මහත්තයා කුළී වැඩ කරන්නේ … දැන් දවස් 10ක් විතර ගෙදර දවස් දෙකක් හරියට කැමක් නෑ … අද තමයි යනතම් මොනවා හරි හොයා ගන්න ඔනේ ” –

“අද උදෙ ඇදිරිනීතිය අයින් කරපු වෙලාවේ ඉදලා පොඩි එකාගේ  කරාබු දෙක උකස් තියන්න පොලිමේ හිටියා යන්තම් රුපියල් 700ක් ගත්තා සතොසේ ලගටවත් යනන් බෑ… හාලුයි,පොලුයි විතරක් අරගෙන යන ගමන් මේ “-

මේ වැනි කත ඔනෑ තරම් තිබේ. සත්‍ය වශයෙන්ම එදාවේළ හම්බකරගෙන කන ජනතාව ගැන කාටහෝ වගේ වගක් තිබේද?

ප්‍රදේශ රැසක දෛනික වැටුප් ලබන කම්කරු ජනතාව මේ වනවිට කෑම වේලක් රැස් කර ගැනිමට නොහැකිව සිටියදි රටේ සල්ලි නෑ කියමින් චීනයෙන් ණයට සල්ලි ගත් රාජපක්ෂ අයියා,මලෝ කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥාවක් ලබාදිමටද කටයුතු කර තිබේ.(ප්‍රතිඥාවක්  පමණී ඇතැම්විට ලබානොදි මාටියා ගැසිමටද හැක)

මේ අතර ගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා නිවෙස්වලටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න රජයට අවධාරණය කර සිටි.

කොරෝනා වෛරසයට මුහුණදීම සදහා ජනතාව නිවෙස් වල තවදුරටත් රදවා ගැනීමට ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම ලබාදීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්, මේ සදහා ග්‍රාම නිලධාරීන් ඇතුළු ගම් මට්ටමින් ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

“දෛනික වැටුප් ලබන කුලී රැකියාවන් කරන අය වගේම සියලුම ක්ෂේත්‍රවල අය මේ අවස්ථාවේදී අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් නොවුනත් බොහෝ අපහසුතාවයන්ට ලක්වෙලා තිබෙන්නේ. සෞඛ්‍ය සේවාව වගේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන අය‌ගේ පවුල්වලට අවශ්‍ය ආහාර ලබාගැනීම, ඔවුන්‌ගේ දරුවන්ගේ ආහාර අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීම දේවල් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණ ඇතිවී තිබෙනවා. මේ නිසා සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි නොමිලේ ආහාර බෙදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ආහාර බඩු මළු නිවෙස්වලටම ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.