Breaking
24 Feb 2025, Mon

කොළඹ රත්කල උද්ඝෝෂණයෙන් ආණ්ඩුව ගිනීයම් වේ

ඒකාබද්ධ විපක්‍ෂය ආරම්භ කළේ රටේ ආර්ථිකය කම්බස්කර, ජනතාව මත බදු බර පටවා, හොරකම මහ දවල් සිදුකරගෙන යන මේ තක්කඩි ආණ්ඩුව ගෙදර යවන සටන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.ඊයේ (24) ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමනින් අනතුරුව ඊට සහභාගී වූ පිරිස අමතා ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘ඒකාබද්ධ විපක්‍ෂය අද ආරම්භ කළේ වෙන මොකක්වත් නොවෙයි, රටේම ආර්ථිකය කම්බස් කරලා, බදු බර පටවලා, හොරකම මහ දවල් කරගෙන යන මේ තක්කඩි ආණ්ඩුව ගෙදර යවන සටන. මේ ආණ්ඩුව මේ අවුරුද්ද ඇතුළත පලවා හරින්න රටම පාරට බහින බව අපි මේ ආණ්ඩුවේ සියලූම ලොක්කන්ට පෙන්වා දෙන්න කැමතියි.

මහජනතාවට තුන්වේල කන්න නැහැ. බදු බර උහුලන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්, මහජන නියෝජිතයන් බොරු චෝදනා දාලා දවස ගානේ හිරගෙවල්වල දානවා. මේ ද්‍රෝහී ආණ්ඩුව හිතනවා නම් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හිරේ දාලා, මර්දනය කරලා මේ සටන නතර කරන්න ‘අපි ඔප්පු කරලා පෙන්වනවා කවුරු හිරේ දැම්මත් මේ ජනතා අරගලය ජයග‍්‍රහණයෙන් තොරව කෙළවර වෙන්නේ නැහැ’ කියලා.

අපි අගමැති වික‍්‍රමසිංහට කියනවා,‘ගජමිතුරු බැඳුම්කර හොරාව බේරාගන්න විගණකාධිපතිතුමාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා බලපෑම් කළාට හරි යන්නේ නැහැ’ කියලා. ඒ වගේම අපි විගණකාධිපතිතුමාට කියනවා, ‘මේ පරඩැල් ආණ්ඩුවට යටත් වෙන්නේ නැතිව ඔබ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්න. ඒ කාරණාවේදී මුළු රටම ඔබ සමග හිටගන්නවා’ කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ හමුදා ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා හිතනවානම් එතුමාව කූඩු කරලා තියාගන්න, එක සිහිනයක් පමණයි. අපි කවුරුත් කූඩු කරලා තියාගන්නත් බැහැ. අපි මේ සටන ජයග‍්‍රහණයෙන් තොරව ඉවර කරන්නෙත් නැහැ.

අද වැට් බද්දට එරෙහිව ව්‍යාපාරිකයෝ කඩ වහනවා. අපි ඒ සටනට සුබ පතනවා. ඒ වගේම අපි මුළු රටටම ආරාධනා කරනවා, ‘තව නොබෝ දිනකින් අපත් සමග පාරට බැහැලා, මේ ආණ්ඩුව ගෙදර යවන වීදි සටනට සූදානම් වෙන්න’ කියලා.

අයෝමය ජනතා බලය යොදා ආණ්‌ඩුව ගෙදර අරිනවා -දිනේෂ් කියයි

වත්මන් ආණ්‌ඩුව උත්තරීතර පාර්ලිමේන්තු විවාදවලට, කොමිෂන්වලට සහ පරීක්‍ෂණවලට යටත් නොවන්නේ නම් මහජනතාව නමැති අයෝමය බලය යොදා ගනිමින් රජය පවාහැරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ සහ මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (24 වැනිදා) සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රට බංකොලොත් කර ඇති බවත් ඔවුන් ජනතාව මත බදු බර පටවා දුප්පත් ජනතාව සූරා කමින් සිටින බවටත් හෙතෙම චෝදනා කළේය.

රටේ සියලු බලවේග එක්‌කර ගනිමින් දුර්දාන්ත පාලනයෙන් මෙරට ආර්ථිකය බේරාගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට කටයුතු කරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම සටන ජනතාව ජය භූමියක්‌ කරා රැගෙන යන සටනක්‌ බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

මහ බැංකු අධිපතිවරයා අතින් යම් දූෂණයක්, වංචාවක් සිදු වී ඇත්නම් ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඒකාබද්ධ විපක්ෂය කොළඹ කොටුවේ සංවිධාන කළ විරෝධතාවට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ අතර මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මතා නැවත වරක්‌ එම ධුරයට පත් නොකරන ලෙස සහ ඔහුට විරෝධය පළ කිරීම සඳහා කිසිදු දැනුම්දිමකින් තොරව එකවරම විශාල ජනතාවක් සමග ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ කොටුවේ උද්ඝෝෂණය කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (24 වැනිදා )සවසම ශ්‍රීලනීපයේ බත් බැලයන් සිය නිවසට ගෙන්වා ප්‍රශ්ණ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.වහාම ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා තමන් දැනුවත් කරන ලෙසද ඔහු තම කණ්ඩායමෙන් ඉල්ලා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.