Featured

කොළඹ වරායේ ජැටිය හෙට ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමකට විකුණයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රහසිගත ලෙස ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පවරා දීම සඳහා ඊට අදාල ගිවිසුමට 2017-02-02 දින අත්සන් තැබීමට ආණ්ඩුව මේ වන විට කටයුතු සුදානම් කොට ඇති බව වාර්තා වේ.

මිට අමතරව චීනයේ CM Port සමාගමට අවුරුදු 198 කට හම්බන්තොට වරාය පවරා දිම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව ති‍්‍රකුණාමල වරාය ද ඉන්දියාවට දීම සඳහා සැලසුම් සකස් කොට තිබේ.මේ හරහා සමස්ත වරාය සේවකයින්ගේ රැකියා අහිමි වීමට ද ඉඩ තිබේ.

රටක ආර්ථික සංවර්ධනය පිළිබඳව සහ රටේ ආරක්ෂාව ගැන සැලකීමේදී වරාය ඉතාමත් අත්‍යාවශ්‍ය සාධකයකි. ජාතික ආරක්ෂාව සහ රටේ ආර්ථිකය ගැන නොසලකා හරිමින් ආණ්ඩුවේ මූල්‍ය අර්බුදයට විසඳුම් ලෙස වරාය විකුණා දැමීම මහා පාවා දීමකි. එබැවින් ආණ්ඩුවේ මෙම විකීණීමේ කි‍්‍රයාවලිය වහා නතර කරන ලෙස බල කරමින් දැවැන්ත පා ගමනක් 2017-02-01 දින දහවල් 12.30 ට වරාය ඉදිරිපිටින් ආරම්භ කිරීමට වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ මඟින් සුදානම් කොට ඇත.

Top