Featured

කෝටි 75ක මන්දිරයකට විදින්න හැදු යහපාලන කූප්‍රකට හොරා

හොර ඔප්පුවක් ලියා කොල්ලුපිටියේ අල්විස් පෙදෙසේ රුපියල් කෝටි 75ක මන්දිරයක හිමිකාරිය පන්නා දැමීමට කටයුතු කළැයි කියන පිරිසේ තුන් වැනි සැකකරු හේවත් යහපාලනයේ ප්‍රධානින්ගේ කූප්‍රකට මාෆියාකරු වන ආර්.නුවන් චන්ද්‍රසිරි නැමත්තාගේ නිවසේ තිබී ගිනි අවි තුනක් හා උණ්ඩ සොයා ගත් බව රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දි තිබේ.

කොළඹ ඇල්ෆ්‍ර‍රඩ් හවුස්‌ ගාර්ඩ්න්ස්‌හි රුපියල් කෝටි 20 කට අධික වටිනා කමක්‌ ඇති නිවසක්‌ හා ඉඩමක්‌ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ අරමුණින් එම නිවැසියන්ට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි නුවන් චන්ද්‍රසිරි ඇතුළු සැකකරුවන් 20 දෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකකට යටත් කොට මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය  (19 දා) නියෝග කළා.ව්‍යාජ ඔප්පුවක්‌ සකස්‌ කර මෙම නිවස සහ ඉඩම බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කළ බවට පසුගිය මාර්තු  14 දා අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබූ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල ලබන මැයි 07 දා නැවත කැඳවන ලෙසත් එදිනට සැකකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබු අතර ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තුන් වැනි සැකකරුට එරෙහිව වෙනම බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කර තිබුනා. ඒ අනුව අද පොලිසිය එම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඉඩමේ හිමිකරු වූ ලාංකිකයා මිය ගිය පසු ඔහුගේ බිරිය වන ඉන්දියා ජාතික කාන්තාවට ඉඩමේ හිමිකාරිත්වය නොයන පරිදි ආර්.නුවන් චන්ද්‍රසිරි නැමත්තාගේ  රියදුරුගේ නමට හොර ඔප්පු ලියා බලහත්කාරයෙන් එම ඉඩම අත්පත් කර ගැනිමට කටයුතු කර තිබේ.පසුව සැකකරුවන් සංවිධානාත්මකව එක්‌වී ඇල්ෆර්ඩ් හවුස්‌ ගාර්ඩ්න්ස්‌හි පිහිටි නිවසට බලහත්කාරයෙන් කඩාවැදී නිවැසියන්ට පහරදී ඔවුන් එයින් ඉවතට ඇද දමා අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස්‌ හදිසි ඇමතුම් (119) ඒකකයට ලද දැනුම්දීමක්‌ අනුව කොල්ලුපිටිය පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

Nuwan Pawning,Micro Finance company and Nuwan Lanka Holdings Pvt ltd,Agri Lanka Export Holding වැනි විවිධ ව්‍යාජ්‍ය නාමයන් භාවිතා කරමින් විවිධ ප්‍රසිද්ධ පුද්ගකයන් සමග සමිප ඇසුරක් පවත්වන නුවන් එක්තරා අකාරයකට සයිකෝ තත්ත්වයකින් පෙලෙන්නෙකු බවද අනාවරණය වි තිබේ.එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීප සබඳතාවයක් පවත්වන මෙම පුද්ගලයා මුදල් අමාත්‍ය රවි කරුණානායක සමග ඇත්තේ කූප්‍රකට ව්‍යාපාරික සබඳතාවයකි.කොල්ලුපිටියේ අල්විස් පෙදෙසේ රුපියල් කෝටි 75ක මන්දිරය අල්ලා ගැනිමේ මෙහෙයුම පසුපස මුදල් අමාත්‍යවරයා මෙන්ම ප්‍රභු පවුලක පුත්‍රයෙකු සිටින බවට දැනට අනාවරණය වි ඇති අතර ප්‍රභු පුත්‍රයා පිළිබඳව ලගදිම අනාවරණය කිරිමට අප සුදානම්.

රවි කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස පත්වු වහාම තමන්ගේ නිවසේ පාටියක් දැමු නුවන් මේ දක්වාම රවී හරහා රටේ මුදල් කොල්ල කෑමට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව යහපාලකයන්ට රහසක් වුවද අප ඒ සියල්ල අනාවරණය කරගෙන් හමාරය.ආර්.නුවන් චන්ද්‍රසිරි නැමත්තා කුඩා ව්‍යාපාර රැසකටම විවිධ ආකාරයේ වංචා සිදුකර ඇති නමුත් ඒ කිසිවක් යහපාලනය හේතුවෙන් අනාවරණය නොවි ඇති අතර නීතිය ක්‍රියාත්මක විමක්ද සිදු නොවන බව මේ වනවිට අප වාර්තාකරුවන් තහවුරු කර තිබේ.රවි – රුවන් කුප්‍රකට වංචා රැසක් ලගදිම බලාපොරොත්තු වන්න 

R_NUWAN

නුවන් අගමැති සමග

NUWAN

Finance Minister of Sri Lanka at dinner in my residence . Ravi karunayaka

MS_NUWAN

කූප්‍රකට හොරෙකු,වංචාකරුවෙකු,මිනිමරුවෙකු මෙන්ම දේශපාලන අනාථයෙකු වන මර්වින් සිල්වා සමග

Tissa_NUWAN

තිස්‌ස කරල්ලියද්ද සමග

 

 

Top