Breaking
23 Feb 2025, Sun

කෝප් වාර්තාව වහන්න ඩියු ගුණසේකර කැපුවා

ජාතික ලැයිස්තුවෙන් මුලින් නම් කළ පිරිස කපා හැර පරාජිතයන් නම් කර මැතිවරණ කොමසාරිස්ට යැවීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහතා අද (23) අභයාරාමයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
විජේනායක මහතා ද ජාතික ලැයිස්තුවට නම් කරනු ලැබ සිටියේය.ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හොරකම් කිරීමට එරෙහිව අධිකරණයට යන බව ද ඔහු පවසයි.

හිටපු ජනපතිගේ ආගමික කටයුතු සම්බන්ධීකාරක ලෙස සිටි ගලගම ධම්මරංසි හිමියන් මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය ගැන සැක බවයි. ඒ ගැන ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ හිමියෝ කීහ.

කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් සන්ධාන ජාතික ලැයිස්තුවේ සිටියේ ලෙස්ලි දේවේන්ද්‍ර සහ තමා බවත්, කම්කරු පන්තිය නියෝජනය කරන කිසිවකු ජාතික ලැයිස්තුවෙන් නම් කර නොමැති බවත්, මේ තීරණ ගත්තේ සන්ධාන විධායක සභාව සමඟ සාකච්ඡා කර නොවන බවත් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි මහතා කියා සිටියා.

‘උදේට පක්ෂයෙන් සාමාජිකයන් ඉවත් කළාය කියා සන්ධාන ලේකම් ලෙස විශ්වා වාර්ණපාල මහතා ලියුම් යවනවා. හවසට සන්ධාන ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත මැතිවරණ කොමසාරිස්ට යවනවා ජාතික ලැයිස්තුව නම්කරලා.‘ යැයි ද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩී ඊ ඩබ්ලිව් ගුණසේකර මහතා ජාතික ලැයිස්තුවෙන් පත් නොකළේ කෝප් වාර්තාව එළියට එයි කියා ඇතිවූ බියක් නිසාද යන්න සැක බව ද ඔහු පැවසීය.

මාධ්‍යවේදියෙක් – කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් ලෙස්ලි දේවේන්ද්‍රගේ හා ඔබේ නම 2010 නාමයෝජනා ලැයිස්තුවේ තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ රජයත් පත් කළේ නෑ නේද?

පිළිතුර – හිටපු ජනාධිපතිතුමා අපිව පත් නොකළාට විවිධ ක්ෂේත්‍රවලට කටයුතු කරන උදවිය පත් කළා. අනික ඔහු දිගටම කම්කරු ප්‍රජාව එක්ක හිටියා.

ප්‍රශ්නය – හිටපු ජනාධිපති මේ ඡන්ද ප්‍රතිඵලය බාර ගනිමින් කිව්වා පරාජය බාර ගන්නා බව. නමුත් ධම්මරංසි හාමුදුරුවන් කිව්වා ඡන්ද ප්‍රතිඵලය සැක බව.

පිළිතුර – එතුමා එහෙම කිව්වාට ඡන්ද ප්‍රතිඵලය සැකයි. අපි යනවා අධිකරණයට.

ප්‍රශ්නය – ජාතික ලැයිස්තුවෙන් මැතිවරණ කොමසාරස් කරන පත් කිරීම අධිකරණයේ අභියෝගයට ලක් කරන්න බැහැ නේද?

පිළිතුර – අපි එහෙම දන්නේ නෑ. අපි නීති උපදෙස් අනුව කටයුතු කරනවා.

ප්‍රශ්නය – ජාතික ලැයිස්තුවෙන් ආසන නොලැබුණා නම් සන්ධාන සභාපති වන මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග සාකච්ඡා කළාද?

පිළිතුර – නෑ වෙලාවක් තිබුණේ නෑ

ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ ගැන දැනුම් දුන්නද?

පිළිතුර – එතුමාට මොනවත් කරන්න බලයක් නැහැනේ

ප්‍රශ්නය – ඔහු අගමැති අපේක්ෂක හා නායක ලෙස ඉදිරිපත් කරමිනුයි ඡන්ද ව්‍යාපාරය කළේ. දැන් ඔබට වුණු අසාධාරණය වෙනුවෙන් ඔහු කතා කරන්නේ නැද්ද?

පිළිතුර – එතුමා හැමදාම අපිත් එක්ක ඉන්නවා.

ප්‍රශ්නය – සන්ධානය විසුරුවන්න යනවා නේද?

පිළිතුර – ඒ ගැන හෙට දැනුම්වත් කරන්නම්

ප්‍රශ්නය – විපක්ෂ නායක කවුද?

පිළිතුර – මේ මාධ්‍ය සාකච්ඡාව ජාතික ලැයිස්තු ප්‍රශ්නය ගැන පමණයි. වෙන දේවල් කතා කරන්නේ නැහැ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.