Featured

ගංකබරයාගේ මුහුණට හිරු එලිය වැටෙන නිසා නිදහස දෙකට කැඩේ

රාජපක්ෂලාගේ වැසිකිලියේ රුපවාහිනි සහ අමෙරිකාවේ බකිංහැම් මාලිගාවෙන් ගෙනා ආ රත්තරං අශ්වයින් පෙන්වා රටේ ජනතාවට යහපාලන නැමති ගුංඩුව ගිල්ලවු අමන පොලොන්නරුවේ ගංකබරයා අවසානයට මෙ රටේ මේ මවුබිමේ අවු රශ්මියටද බයේ සැගැවෙන බය ගුල්ලෙකු බවට පත්ව තිබේ.

ගාලු මුවදොර පැවැත්විමට නියමිත මෙවර නිදහස් උත්සවය කොටස් දෙකකට කඩා පැවැත්විමට තින්දුවක් ගෙන ඇති අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ පොළොන්නරුවේ අමන ගංකබරයාගේ මුහුණට හිරු එලිය වැටෙන නිසාත් එම හිරු එලියෙන් ගංකබරයාගේ ජනවාරි 9 වැනිදා සිට ලක්ෂ ගණනක් වැය කර සාදාගත් මුහුනේ පැහැය විනාශ වි යා හැකි නිසා බවද අනාවරණය වි තිබේ.

ගාලු මුවදොර පැවැත්විමට නියමිත මෙවර නිදහස් උත්සවය කොටස් දෙකකට කඩා පැවැත්විමට තින්දුවක් ගෙන ඇති බවත් ඊට ප්‍රධානම හේතුව ජනාධිපතිවරයා ඇතුලු ප්‍රභූන්ගේ මුහුණට හිරු එලිය වැටිම නිසා බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මාධ්‍ය ප්‍රධානින් සමග පැවති හමුවෙදිද අවධාරණය කර තිබේ.

උදැසන කාලයේදිද ප්‍රභූන්ගේ මුහුණට හිරු එලිය වැටින නිසා වේදිකාව මුහුදට පිටුපා සකස් කරන අතර පසුව එය ඉවත් කර සවස අනෙක් පසට හරවා සංදර්ශණය පවත්වන බවද ඇමතිවරයා පවසා තිබේ.

රට දෙකට කැඩෙන එකේ නිදහස් උත්සවය දෙකට කැඩුනම මොකද යන්න එම අවස්ථාවට සහභාගි වු Lankanewsweb.today විශේෂ වාර්තාකරුවෙකු සිනාමුසු මුහුණෙන් පවසා තිබේ.

Top