Breaking
23 Feb 2025, Sun

ගමේ ආණ්ඩුවත් පාවා දෙන්න වසල චන්ද්‍රිකා-මෛත්‍රී සුදානමක

ලාංකිය දේශපාලන භුමියේ වඩාත්ම වැදගත් පළාත් පාලන ආයතන බලය එක්සත් ජාතික පක්ෂයට නතුකර දිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටින බව පළාත් පාලන රැක ගැනිම වෙනුවෙන් පසුගිය කාලසිමාවේ ගොඩනැගුණු සංවිධාන නියෝජනය කරන මන්ත්‍රිවරුන් පවසයි.

මේ වන විට විශේෂ කොමසාරිස් යටතට පත් කර ඇති හා නිල කාලය අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතන සඳහා හැකි ඉක්මනින් මැතිවරණයක් කැඳවා එහි පාලනය එජාපයට බිල්ලට දිමට මෛත්‍රී-චන්ද්‍රිකා වසංගත හවුල කටයුතු කරන බවට ඔහුන් චොදනා කරනවා.මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංග හරහා ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් පක්‍ෂය සමලඟ දැඩි කළකිරීමකට ලක්කරමින් පළාත් පාලන ආයතන බලය එජාපයට ලබාදිමට ඔහුන් සුදානම් වන බවටද චොදනා එල්ල වෙමින් තිබේ.

පළාත් පාලන මැතිවණය හැකි ඉක්මනින් කැඳවන ලෙස එක්සත් ජාති පක්‍ෂයේ පළාත් පාලන නියෝජිතයින් රනිල්ට කරන ලද ඉල්ලිමකට අනුව ඉදිරියේදි මෙම තිරණය ගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර  ඉතා ඉක්මනින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී කටයතු කරන ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා ඉක්මනින් තීන්දුවක් ගනු ඇතැයි වාර්තා වෙයි.

මේ වන විටත් රට පුරා බොහෝ සන්ධාන පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් විමසීම් කරමින් සිටි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.