Featured

ගල් අගුරු මාෆියාවේ, නොරොච්චෝලේ ඒජන්තයා වු උපාලි රාජපක්ෂ සොයා FCID මෙහෙයුමක්!

“ගාමනී” චිත්‍රපටයේ නිෂ්පාදකයා මෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ මෙරට ඒජන්තයා ලෙසට කටයුතු කරමින් මුල්‍ය ආයතන කිහිපයක්ම විනාශයට ඇද දැමිමට කටයුතු කල උපාලි රාජපක්ෂ විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ සමග එක්ව ගල් අගුරු වංචාව සිදුකල බවට අනාවරණ වි ඇති අතර අදාළ වංචාව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය එකකය පරික්ෂණ ආරම්භ කර තිබේන බව වාර්තා වේ.

විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ සමග එක්ව උපාලි රාජපක්ෂ ගල් අගුරු වංචාවට කෙලින්ම සම්බන්ධ වි ඇති බවට තොරතුරු රැසක් FCIDය අනාවරණය කරගෙන ඇති අතර අදාළ වංචනික කටයුතුවලදි විවිධ පුද්ගලයන්ට අල්ලස් ලබාදිමේ කටයුතු මෙහෙයවා ඇත්තේ උපාලි රාජපක්ෂ විසින් බවටද තහවුරු කරගෙන තිබේ.

සෙලින්කෝ ආයතන රැසක් විනාශ කර දැමු උපාලී, තැම්පත්කරුවන් බිලියන 7කට වැඩි මුදලක් තැම්පත් කර තිබු සෙලින්කෝ මුල්‍ය ආයතන කිහිපයක්ම කාබාසිනියා කල අයෙකුද වනවා.

උපාලි රාජපක්ෂ “ගාමනී” චිත්‍රපටයේ නිෂ්පාදකයා ලෙසද කටයුතු කල අතර එම චිත්‍රපටයේ අදායමෙන් අධ්‍යක්ෂණය,රචනය,තිර රචනය,කතා වස්තුව වෙනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකරට අයත් විය යුතු මුදල් පවා නොගෙවා ඒවාද පිල්ලි ගැසු අමනයෙකුද වේ.

Top