Breaking
27 Feb 2025, Thu

ගහපු කප්පම් වහන්න සමාජ ජාල වෙබ් අඩවි වලට අපරාධ නීතිය

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හරහා පෞද්ගලිකත්වයට හානි කිරීම සහ අපහාස කිරීම මෙරට අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනය කිරිමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගත් තින්දුවට හේතුව මේ වනවිට අනාවරණය වි තිබේ.මහරගම ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව ගොනාට අන්දා චන්දයෙන් තේරී පත් වූ විජේදාස රාජපක්ෂ නැමති වර්තමාන රජයේ අධිකරණ ඇමතිවරයා ඇතුලු කණ්ඩායම ඇවන්ගාඩ් ආයතනය හරහා ලබාගෙන ඇති කප්පම් සමාජ මාධ්‍ය හරහා හෙලිවිම වැලැක්විමේ මුලික අරමුණින් මෙම නීති කෙටුම්පත් සම්පාදනය කිරිමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

ඇවන්ගාඩ් ආයතනය සහ එහි ප්‍රධානි නිශ්ශංක සේනාධිපති නැමති නිලදාරියා සහ එම සමාගම වෙනුවෙන් නඩු කටයුතු වලට පෙනීසිටියේ ඇමතිවරයායි. මොහුගේ පසුගිය මහමැතිවර චන්ද කටයුතු වෙනුවෙන්ද විශාල ලෙස මුදල් වියදම් කරන ලද්දේ මෙම ඇවන්ගාඩ් ආයතනයට සම්බන්ද කුට ඩිල් කරුවන්ගේ අනුග්‍රහයෙනි.

විජයදාස රාජපක්ෂ සබැ සුපිරිසිදු චරිතයක් ලෙස පෙනී සිටියද කෝටි ගණනින් ආදායම් බදු නොගෙවා පැහැරහැරි සිට ඒ වෙනුවෙන් දඩුවම් ලැබූ පුද්ගලයෙකි. අපට ප්‍රශ්න කිරීමට ඇත්තේ මොහුට ආදායම් බදු වශයෙන් එලෙස විශාල මුදලක් ගෙවීමට සිදු වන්නේ නම් මොහු හා ඒ වටා බැදුණු විශාල කූට වියාපරයන් රැසක් ක්‍රියාත්මක නොවන්නේද යන්නයි. මොහු හා මොහුගේ පුතා විසින් සමාජ ජාල වලට විශාල ලෙස මුදල් ගෙවා මැතිවරණයක් නොපවතින අවස්තාවක ගිණුම් ප්‍රවර්ධනය කරයි.

තවද මෙම ඇවන්ගාඩ් ආයතනයට විරුද්දව ඇති නඩුව විභාග කරනා විනිශ්ය කරුවන්ටද තවත් චිවරධරියෙකුද හරහා මොහු බලපෑම් කර ඇත. අගමැතිගේ නම පාවා දී මොහු විසින් මෙම දුෂිත ගනුදෙනුවේ ඩිල් කරුවන් ආරක්ෂා කරන බව ප්‍රසිද්ධ රහසකි.මෙවැනි පුද්ගලයින් ඩිල් දමනා වටපිටාවක සාදාරන අධිකරණ පද්දතියක් රට තුල ක්‍රියාත්මක වේද ?

එම දුෂිත නිලරධාරින්ගෙන් සහ ආයතනයන්ගෙන් කොමිස් මුදල් ලාබාගනිමින් ඒ පිළිබද සමාජ මාධ්‍ය මගින් එලිවිමත් සමග මුහු විසින් දැන් අලුත් නීති සම්පාදනය කිරීමට ආරම්බ කර ඇත. එනම් ෆේස්බුක් සහ වෙබ් අඩවි වලින් චරිත ඝාතනයන් සිදුවෙන බව පවසා ඒවාට මුවා වී අලුත් නීති ගෙන ඒමට කටයුතු කිරීමයි.

මෙම ඇමතිවරයාට අපට පැවසීමට ඇත්තේ කෙටුම් පත් කල තොරතුරු දැනගැනීමේ පනත කුනු කුඩයට දමා සමාජ මාධ්‍යන් භාවිතා කරන ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අකුල් හෙලීමට යාමෙන් ඔබත් ඉදිරියේදී තවත් දේශපාලන අනාතයෙක් වන බවයි.

එමෙන්ම ජනපති හා අගමැති විසින් මෙවැනි ගොබ්බයන්ගේ අදුරදර්ශී තීරණ ක්‍රියාත්මක කිරීමට යාමෙන් පසුගිය රජයට වඩා ඉක්මනින් ඔබලාගේ රජයද ජනතාව අතර පිරිහීමට ලක්වන බව මතක් කර දිය යුතු වේ!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.