Breaking
24 Feb 2025, Mon

ගහෙන් වැටුණු යහපාලන අනුගාමිකයින්ට ගොන් බානක් ම ඇන්නා සේ- සිරස, ජවිපය හා ප්‍රාග්ධනය

යහපාලන හීනෙන් ඉබාගාතේ යන එහි න්‍යායාචාර්යවරුන්ට හා අනුගාමිකයින්ට සිසු විරෝධතාවල දී වැදුනු පොලුපාරවල් සැර මදිනම් ගතට සිතට දෙකට ම මදි නොකියන්ට ලැබුණේ තිලක් මාරපනගෙන් හා විජේදාස රාජපක්‍ෂගෙනි. දේශපාලකයින් සිය දේශපාලන පැවැත්ම සඳහා මැතිවරණ සමයක ජනතාව මුලා කිරීමට කියන අලංකාරික බොරු, සත්‍ය ලෙස ගෙන ඒ මත සිය දේශපාලන ඉදිරිය පිහිටුවන්ට උත්සාහ කරන සැමට ම මෙය නම් කදිම පාඩමකි. යහපාලන න්‍යායාචාර්යවරුන්ගේ මෙන් ම එහි අනුගාමිකයින්ගේ ද දිනපතා නඩත්තුව සඳහා ඔවුන්ගේ දේශපාලන නායකයින් විසින් දුන් පුන්නක්කුවල වැඩි කොටසක් නියෝජනය කළේ ඇවන්ගාර්ඩ් සිද්ධිය ආශ්‍රිත ඊනියා දූෂණ හා මහින්ද රජය විසින් කුමන්ත්‍රණකාරී විරෝධතා මැඩපැවැත්වීමට වරින් වර ගත් උත්සාහයන් ය. මන්ද මේ දෙකෙන් ම ඔවුන්ට ඍජුව ම ගොඨාභය රාජපක්‍ෂට පහර ගැසිය හැකි විය. න්‍යායාචාරවරු ද මේ පුන්නක්කු ඉතා අගනේ යැයි කියමින් පත්තර හා ටීවි පුරා අනුභව කරමින් සිය ගෝලයින්ට ද දුන්හ.

එහෙත් එක්වර ම සිදු වූයේ අනෙකකි. මීට සති තුනකට පෙර හම්බන්තොට ප්‍රදේශයේ ජලය ඉල්ලා විරෝධතාවක නිරත වූ ගැමියන් පිරිසකට පොලීසිය ලබා ඉවක් බවක් නොමැති ව පහර දෙනු ලැබුහ. ඒ මතට ම පහුගිය සතියේ දී අන්තරය විසින් කැඳවා තිබූ සිසු විරෝධයේ දී සිසු සිසුවියන්ට පහර එල්ල වූයේ ඔළු පැලෙන්නට ය. මේ සියල්ල මෙසේ යන අතරතුර යහපාලන මානසිකත්වය එහෙම් පිටින්ම රඳවා තබන ලද ඇවන්ගාර්ඩ් සිදුවීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රබලතම ඇමතිවරුන් දෙදෙනෙකු විසින් කළ ප්‍රකාශය ගහෙන් වැටුණු යහපාලන අනුගාමිකයින්ට ගොන් බානක් ම ඇන්නා සේ ය.

මේ රිදුම දරා ගනු නොහැකි ව, සියළු කුණු පිළිවෙලට ගොඩගසා සිය ව්‍යාපාරික උවමනාවන්ට අනුව තෝරා බේරා බෙදා හරින සිරස තිරය මත ඊයේ ෆොන්සේකලා හා වසන්ත සමරසිංහලපා මරු කියවනු දක්නට ලැබුණි. විශේෂයක් වූයේ මාරපනගේ ප්‍රකාශයෙන් ඉහත තුට්ටු දෙකේ දේශපාලකයින්ට අමතර ව සිරසට ද කඳ හරහා ම වැදීමය. මාධ්‍යක න්‍යාය පත්‍රය විය යුත්තේ කරුණු මිස පූර්ව නිශ්චයන් හා නිගමන නොවේ.එහෙත් සිරස ආයතනය විසින් මේ සියල්ල නොසලකමින් ප්‍රාග්ධනය ම සිය මාධ්‍ය භාවිතයේ නිර්ණායකය කරගෙන ඇත. මාර්ක්ස්වාදීන් යැයි කියාගන්නා ජවිපය කාල් මාර්ක්ස් විසින් ඉතිහාසයේ ගතිකය ප්‍රාග්ධනයැයි ද එය හිමි තැනැත්තා විසින් ඉතිහාසය තීරණය කරන බව ද කියන විට සිය කුණුකය සංතර්පනය සඳහා එවන් ප්‍රාග්ධනයකට ම යටවීම මොනතරම් හිඟනකමක් ද? සිරසේ මේ විනාශකාරි මාධ්‍ය භාවිතාව මතු නොව, මෙවන් මාධ්‍ය මගින් දෙන පුන්නක්කු අනුභව කරමින් ඉන් සතුටු ව මේ රට ආරාජිකත්වය කරා රැගෙන යාමට දත නියවන ජවිප මූලධර්මවාදීන් ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා එන්ජීඕ ක්‍රියාකාරීන් යන සියල්ලගේ ම යටි අරමුණ සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ පාට භේදයකින් තොරව මෙරට තුළ නව සංවාදයක් ඇරඹීමට කාලය පැමිණ තිබේ.

මහින්ද පතිරණ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.