Breaking
20 Apr 2025, Sun

ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ ලෝක ශූරතාවය

ඇමති රාජිතගේ තේමාව වී ඇත්තේ “එක සතියට එක බොරුවක්” ආණ්ඩුව බොරු වැලක් කියලා තියෙනවා. මේ ආණ්ඩුව සෑම සතිපතා මාධ්‍ය හමුවකදීම ජනතාවට අළුත් ලණුවක් දෙනවා. එතකොට පරණ බොරුවේ ඇත්තනැත්ත හොයන එක නතර වෙලා අළුත් ලණුව දිගේ ජනතාව ගමන් කිරීම පටන් ගෙන තියෙන බව  පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කළා.

ආණ්ඩුවේ සමමාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ දී අපූරු කතාවක් කිව්වා.  “ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරා පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.  ඔහු කියනවා 2015 ජනවාරි 7 දින ඒ කියන්නේ පසුගිය ජනපතිවරණයට කලින් දවසේ එයාව යවලා බැංකු වලින් රුපියල් කෝටි 1,260ක් මුදල් ලබා ගෙන රොස්මිඩ් පෙදෙසේ ගෙදරක දී ගාමිණීට දුන්නාලු.  එයා බලාගෙන සිටිය දීම ගාමිණි සෙනරත් මහතා ඒක උඩ තට්ටුවට අරගෙනගියාලු”.

සිද්ධිය සම්බන්ධයෙන් අප කල අනාවරණය-ගාමිණී සෙනරත් ගැන ලියවුන “නාටක මාරයි -ගොන්ජා හමාරයි” දෙරණේ 7ත් පරාදයි

කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්.  ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්.  අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්‍රෑම් 20ක් බරයි.  සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.

බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්.  එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා.  ටොන්දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.

මේ නෝට්ටු තොගය මීටරයක් දිගට සහ මීටරයක් පලලට ගොඩ ගැසුවොත් මීටර් 4ක් උසයි.  ඝණ මීටර් 4ක ඉඩ ගන්නා ටොන්දෙකහාමාරක බරක් තිබෙන මෙම නෝට්ටු තොගය සරත් ගෙනැවිත්යෙ කාර් එකකින්.  මේ කාර් වර්ගය මොකද්ද කියා මා දන්නේ නෑ.  වර්ගය කුමක් වුණත් නිෂ්පාදකයා මේ සිදුවීම දන්නවා නම් කාර් එක ප්‍රචාරය කිරීම සඳහා අනිවාර්රයෙන්ම මේ සිදුවීම යොදා ගන්නවා.

ගාමිණි සෙනරත් ගේ නීතිඥවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා මේ කියන පුද්ගලයා අඩුම ගණනේ එකම එක දවසකටවත් ගාමිණිගේ රියදුරා ලෙස කටයුතු කර නැති බව. එවැනි පුද්ගලයෙක්ව ගාමිණි සෙනරත් මහතා හදුනන්නේ නෑ කියලා මා සමග පෞද්ගලිකව ප්‍රකාශ කලා මේ පිළිබද විමසිමේ දී.

ඇමති රාජිතගේ තේමාව වී ඇත්තේ “එක සතියට එක බොරුවක්” ආණ්ඩුව බොරු වැලක් කියලා තියෙනවා. මේ ආණ්ඩුව සෑම සතිපතා මාධ්‍ය හමුවකදීම ජනතාවට අළුත් ලණුවක් දෙනවා. එතකොට පරණ බොරුවේ ඇත්තනැත්ත හොයන එක නතර වෙලා අළුත් ලණුව දිගේ ජනතාව ගමන් කිරීම පටන් ගෙන තියෙනවා.

එදා ජනපතිවරණ වේදිකාවේ කියූ මෙගාඩීල් අද කෝ?  ඇමෙරිකාවේ බකිංහැම් මාලිගාවෙන් ගෙනා රත්තරන් අශ්වයෝ, ලැම්බොගිනි, හෙලිකොප්ටර් අද කෝ?

ජනවාරි 08 රාත්‍රියේ කුමන්ත්‍රණයක් සිදු වුණාකිව්ව මාවත් විත්තිකාරයෙක් කරපු හමුදා කුමන්ත්‍රණයට මොකද වුණේ.  මහින්ද රාජපක්ෂ මැතිතුමා සතු ඩොලර් බිලියන 18ක් සොයා ගත්තා ඒ මුදල් ලංකාවට ගෙනැවිත් රටේ සංවර්ධනයට යොදවනවා කිව්වා.  පසුගිය ඔක්තෝම්බර් මාසයේ 15වෙනි දා කිව්වා රාජපක්ෂවරුන් සතු ඩොලර් මිලියන ගණනක් තිබෙන බැංකු ගිණුම් 8ක් ඩුබායි නැෂනල් බැංකුවේ  තිබී සොයා ගත්තා කිව්වා. ඒ සල්ලි අපි රටට ගෙනවා කියලා. අද මේවා ගැන වචනයක් කතා කරන්නේ නෑ.

එදා මාධ්‍ය හමුවේ දී කියනවා මදුරාසි වලින් පිරිසක් ඇවිල්ලා ඔහුව ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. හැබැයි ඊට පහුවදා මාධ්‍ය හමුවක් තියන වැදගත් මහත්තයෙක් විදිහට කටයුතු කරන රුවන් විජේවර්ධන ඇමතිතුමන් කියනවා බුද්ධි අංශ එහෙම දෙයක් වාර්තා කරලත් නෑ. අපේ බුද්ධි අංශ හරිම කාර්යක්ෂමයි කියලා. එහෙම දෙයක් තියෙනවා නම් වාර්තා නොකර ඉන්න විදිහකුත් නෑ. ඒ විතරක් නෙවෙයි මේ වනතුරු තමාව මාරා දැමිමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා රාජිති ඇමතිතුමා පොලිසියට පැමිණ්ල්ලක් ඉදිරිපත් කරලත් නෑ.

බොරුවට උපන් චේතියරජතුමාවත් රාජිත ඇමතිතුමා තරමට බොරු කියලානැතුව ඇති. අළුත් කතා පිලිගන්න කලින් පරණ කතා වලට මොකද වුණේ කියලා මාධ්‍ය මිතුරන් ප්‍රශ්න කරන්න.මෙවැනි මාධ්‍ය ප්‍රකාශකලා නිසා ආණ්ඩුව කෝලම් මඩුවක් වෙනවා.  මේක මෝඩකම නොවේ.  කපටිකම.  ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරන්න ආණ්ඩුව ගෙන යන උප්පරවැට්ටියක්.  ජනතාවත් සතියේ ලණුව සාදරයෙන් පිලිඅරගෙන ඊළඟ ලණුව එනතුරු ඇද ඇද ඉන්නවා.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.