Featured

ගාල්ලෙන් ඇල්ලු කොටියා රවී සහ සේමසිංහගේ මැතිවරණයේ පාතාල සමාජිකයෙක්

පසුගිය 17 වනදා පොලිස් විශේෂ කාර්ය්‍ය බළකාය විසින් ගාල්ලේදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ බව කියන කොටි සන්නද්ධ බලකායේ කොටි සාමාජිකයා පසු ගිය මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යව සිට වත්මන් ජාත්‍යන්තර වෙළද නීයෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සුජිව සේමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන්  කටයුතු කර ඇති බව රහස් පොලිසිය අනාවරණය කර තිබේ.

පසුගියදා බලපිටිය අධිකරණය ආසන්නයේ දෙදෙනෙකු ඝාතනය කිරිම හා කුඩු සෙල්වි ඝාතනය කිරිමට ද මොහු සම්බන්ධ බවට කරන ලද පරික්ෂණවලදි හෙළිව ඇති අතර මහ මැතිවරණයේ දී කොටහේන ප්‍රදේශයේ දි එක්සත් ජාතික පක්ෂ කාර්ය්‍යලයක් ආසන්නයේ සිදුවු ගැටුමට සහ ආණ්ඩු පෙරළියෙන් පසුව සිදුවු ඝාතන රැසකටද මෙම කොටි පාතාලයා සම්බන්ධ බවද තහවුරු කර ගෙන තිබේ.

කොටි නායක වේලුපිල්ලේගේ ‍පුද්ගලික ශරීර ආරක්ෂක කණ්ඩායම වූ චාල්ස් ඇන්තනී බළකායේ කටයුතු කළ ස්ටැන්ලි කෙනඩි නමින් හදුනාගෙන ඇති අදාළ ත්‍රස්තවාදියා පසුව දකුණේ පාතාලය සමග එක්ව තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං නැමති පාතාල සාමාජිකයාට වෙඩි තැබීම පසුපස සිටින්නේ හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය,වත්මන් ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ සුජිව සේමසිංහගේ මැර කණ්ඩායමේ සමාජිකයෙකු බව අප ඔත්තුකරුවන් අනාවරණය කළා.

කියවන්න –පාතාල “සමයං”ට වෙඩි තැබුවේ “සුජිවගේ” “කඩුවෙල ගප්පියා”

මේ අතර යහපාලනයේ සුරතල් කුක්කා ලෙස පත්කර ගත් පොලිස්පති කූජිත ජයසුන්දරට ලැබි ඇති යහපාලන ඔඩර් අතර අදාළ පාතාල කොටියා සම්බන්ධයෙන් පරීක්ෂණ නවතා දමන ලෙසට ඔඩරයක්ද ලැබි ඇති අතර ඉදිරි දිනකිහිපය තුලදි  ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අතහැර දමා දේශපාලන පාතාලයාට ත්‍රස්තවාදීයෙකු ලෙස පමණක් සලකා නිතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු සුදානම් කරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

Top